🌸07❤

790 93 10
                                    

"අඩේ පුත්‍රයා ආවාද...මම හිතුවේ අම්මා කිව්ව විදිහට ලබන සතියේ විතර එයි කියලා.."

"එහෙම තමා එන්න හිටියේ ඔයා එන්න කිව්ව හින්දා ආවේ.අකිදු රුම් එකට ගිහින් වොශ් එකක් දාගෙන එන්න.මහන්සි ඇතිනේ"

"හා..."

මම යන්තමට හිනා වෙලා අප්පච්චිටත් වැදලා රුම් එකට ආවේ ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට ගිහින් අම්මට උදව් කරන්න හිතාගෙන..

"කොහෙද මේ දුවන්නේ ...ආ...."

"අම්මාට උදව් කරන්න ,අනික එයාට කතා කරෙත් නැනේ....මහාත්තයා "

"හ්ම්..."

පඩිපෙළ උඩදි එයාට උත්තර දුන්න මම කුස්සියට ගියේ අම්මා හොයාගෙන .

"අම්මා"මම එයාට වැන්දා.

"කියන දේ අහන්නේ නැතුව ආවා නේ...මාත් එක්ක කතා කරන්න එපා...මම කිව්වේ හනිමුන් බබෙක් ගෙන්න කියලා  අවා මෙතන අත හොල්ල හොල්ල..."

හනිමුන් බබෙක් ..මොනවා කියවනවද මන්ද...දැන් තමා තේරෙන්නේ චුටිට තියෙන්නේ අම්මාගේ කට කියලා .

"තරහා වෙන්න එපා ඉතින් ,මගේ මහාත්තයාට ඔෆිස් යන්න තියෙන හින්දා ආවේ.."

"මගේ මහාත්තයා ,හිතුවට වඩා දුර ගිහිම් වගේ කොච්වර දුර ගියාද...."

"පැය දහයයි....ඇයි "

මම වෙනුවට කවුද උත්තර දුන්නේ කියලා මම බැලුවේ .වෙන කවුද නපුරා මිසක්...එයා වොශ් එකක් දාගෙන කොන්ඩේ තේත බෙරි බෙරි ඉන්නවා.

"පේනවා..දැන ගන්න ඇහුවේ...ගිහින්  කොන්ඩේ පිහද ගන්න ලොකු පුතේ...පොඩි පුතේ ඔයා ටිකක් රිලැක්ස් එකේ ඉන්න..."

"මට මහන්සි නැ අම්මා....අම්මට පොල් ගලා දෙන්නද...මොනවද කරලා ඔනේ...."

"මම උයලා ඉවරයි දරුවෝ.."අම්මා මගේ කම්මුලට අත කියලා ආදරෙන් කියද්දි මට හිතුනේ අනේ මගේ අම්මාත් හිටියා නම් කියලා.

"මට තේ එකක් අරන් උඩට එන්න ."

නපුරාට තේ එක අරන් මම උඩට ගියේ හිතෙන් බැන බැන.

"මහාත්තයා ,තේ එක...."

"ඔහොම තියන්න...මේ හෙට නිතේශ් එක්ක පොඩි ගමනක් ගිහින් එන්න.මම ඌට විස්තරේ කියලා තියෙන්නේ ...ගිහින් ඒ වැඩේ කරගෙන  එන්න."

blessing for me ( yizhan )Where stories live. Discover now