" හරි මැසෙජ් එකක් දාන්න"
එයා මම වොශ් එකක් දාගෙන එනකොට කෝල් එකක් හිටියේ.මම එලියට ආවට පස්සේ එයා වොශ් දාන්න ගියා..එයා ගිය වෙලාවේ ඉදන් එයාගේ ෆොන් එකට මැසෙජ් එනවා.
මම නිකන් වගේ එයාගේ එක මැසෙජ් එකක් බැලුවා .
"Thanks for today ❤"
ඒ මැසෙජ් එක ඇවිත් තිබ්බේ..shaki ❤❤කියලා සේව් කරලා තිබ්බ නුම් එකකින්.ඒ ගමන්ම ඒ නම්බර් එකෙන් කෝල් එකක් ආවා.ඒ ෆොටෝ එක අද දවල් එයා එක්ක හිනා වේවි හිටපු ගැනු ලමයාගේ....මගේ හිත තව ටිකක් කඩාගෙන වැටුනා.මම පහලට බැස්සේ එයාගේ මුණ බලන් කදුලු හංගන් ඉන්න බැරි නිසාමයි.
"පොඩි අයියා මේ එනවකෝ ඔයි මාත් එක්ක අතක් අදින්න"
"අනේ බෑ චුටි අද...."
"මොනවද හලෝ එනවකෝ අප්පා"
"අනේ බැ චුටි අපි හෙට සෙල්ලම් කරමු හාද"
.
.
" පුතේ ඔයාට මතකද අර රොචෙල් ඇන්ටිගේ පුතා "
"ආ ඔව් අම්මා...ඇයි. "
" එයා මැරි කලේ ඔයාලගේ වේඩින් එකට පස්සේ .එයාට නෝනාට දරුවෙක් හම්බෙන්නලු..."
"ශා මරුනේ අම්මා...එහෙනම් කොල්ලා වැඩ්ඩා"
කෑම මේසේ ඉන්න හැමොම ඒකට සතුටු වුනාට ඒ සතුට මගේ දුර්වල කමක් කියලා මට මත වුනා.මට කවදාවත් උබට උබේ කියලා දරුවෙක් දෙන්න බැනේ මට කොහොමත් .ඔයා වෙන කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් ඔච්චර සතුටු වෙනවා නම් ඔයාගේ කියලා කෙනෙක් ...ඒදාට කොච්චර සතුටු වෙයි ද....මාව දලා ගියත් ඔයාට පව් නැ මැනික
මට තවත් මගේ කදුලු හංගන් ඉන්න බැරි බව දැනුන නිසා මම බොරුවට කෝල් එකක් ආවා වගේ කෑම මෙසෙන් නැගිටලා කන්න ගත්ත බත් පත විසික් කරලා කාමරේට වැදුනේ මාගේ කදුලු කාටවත්ම පෙන්නන ඔනේ නැති හින්දා..
" ඒ...තමුසේ නිදිද ඔයි...."
එයා කාමරේට ඇවිත් ,මම බොරුවට නිදි වගේ රගපානවා.,එයාට අයෙත් කෝල් එකක් ආවා.ඔව් එයා තමා. සකි කියලා කතා කරේ..ෆොන් එක අරන් බැල්කනියට ගිය නිසා කතා කරපු දෙවල් හරියට ඇහුනේ නැ.
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...