🌸13❤

631 70 36
                                    

"අනේ කල්ප අයියා...මෙහෙන් මොනා හරි අරන් යන් කියනවකෝ....."

"ටවුන් එකෙන් දායි බන්...මම අප්පච්චිට කිව්වා "

"මේ ඇත්තටම ඇයි ඔයාලා ගොඩේ විදිහට අප්පච්චි කියන්නේ...අපි වගේ ඩැඩි කියන්නකෝ.....නේද නංගි"

"මූ මුගේ අප්පාට අහවල් එක කියලා කතා කරත් ඔය නංගිට වැඩක් නැනේ හිරු...පාඩුවේ යනවකෝ අප්පා...."

"මේ නිතේශ් තමුන්ගේ කට වැඩි හරිය....ඔයාටත් පිස්සුනේ මේ තට්ස් ක්ලාස් මිනිස්සු එක්ක ඉන්න කල්ප "

"මො....."

නිතේශ් කියන්න ගිය දේ නපුරා නතර කරේ ඒතරම් හොදකට වෙන්න බැ....මම දන්නවගේ මේ කට ගැන...

" ඔයා ම්ට කල්ප කියලා නේද කිව්වේ "

"ඔව් ඇයි...."

"ආසද මගේ වෙන්න.....හ්ම්.....අකිදුගේ තැනට එන්න...."

මේ මිනිහා මගේ හුස්ම හිර කරල මරන්න යන්නේ..ඔන්න අයෙත් ඇඩෙන්න එනවා.....මගේ වෙනස දැනිලාද මන්දා එයා මගේ අත තද කරලා අල්ල ගෙන එයාගේ බඩට හිර කර ගත්තා .එයාගේ මහාපට ගිල්ලෙන් මගේ අත සියුම්ව පිරිමදින ගමන්..

" ඔයාගේ වෙන්න කවුද අකමැති පිරිමියෙක්ට තියෙන්න ඔනේ හැම දේම ඔයා ලග තියෙන එකේ..."

"මගේ වෙන්න ඔනේ නම්.....ඔයගේ විදිහ හදා ගන්න වෙයි....මේ ඉන්නේ මගේ අය...මේ ඉන්නේ තට්ස් ක්ලාස් මිනිස්සු නම් මාත් එහෙම තමා.අනික මට කල්ප කියලා කියන්න මම තමුන්ගේ මිනිහා නෙවෙයි නේ නංගි...ඔයාට මගේ වෙන්නම් ඔනේනම් එකගේ කන්න එන්න..මට වැඩි නැ....."

මම එයාගේ අත හයියෙන් කෙනිත්තුවා......

"එකගේ කන්න......ඒ කියන්නේ මොකක්ද "

"දන්නේ නැත්තම් අම්මාගෙන් අහා ගන්න.."

"ඔයා....."

"දැන් ඇති නංගි ,මගේ අකිදුට මහන්සි ,ඔයාලා ඉස්සරා බලාගෙන යන්න......"

මටත් රවාගෙන ඉස්සරා බලා ගත්තා.එයාආව ඒ පපුවට හේත්තු කර ගත්තේ මගේ ඔලුව අත ගාන ගමන්...නුවරඑළිය ටවුන් එකෙනෙ මොනවා හරි ගමු කියලා බස් එකෙන් බැහැලා යනවා.එත් මම මොනා ගන්නද...

"මොනා හරි අර ගන්නවද "

"එපා...."

"ඇයි......නුවරඑළිය ආපු එකේ මතකයක් අරන් යන්...."

blessing for me ( yizhan )Where stories live. Discover now