කලු පැහැති ඇමසන් වර්ගයේ සපත්තු දෙකක් පැලද ගත් එක් කැම්පස් ශිෂ්ශයෙක් මුලු කැම්පස් එක පුරාම පීරමින් හොයන්න ගත්තේ තමන්ගේ එකම හොදම යාලුවව . ජෙල් ගාලා හරි ගානට පීරලා හදා ගත්තු කැරලි කොණ්ඩයත් එක් අතකින් එහෙ මෙහෙ කරද්දි ඔහු ගේ තිබුනු කඩවසම් බව ඕනවවටත් වඩා ඉස්මතු උනා .ඔහුගේ පලල් උරහිස තද දුඹුරු පැහැති ඇස් යාන්තමින් කැරලි ගැසුනු කොණ්ඩය කැම්පස් එකේ ඉන්න හැම කෙල්ලෙක්ගෙම වගේ හිත් හොරා ගන්න සමත් උනා . ඔහු නමින් යුගාන් අභිසෙස් . බලවත් ඇමතිවරයෙක්ගේ බාල පුතෙක් උනු යුගාන් කියන්නේ නාහට අහන්නේ නැති මුරණ්ඩු දඩබ්බර කොල්ලෙක් .
ඊටත් වඩා තමන්ගේ තාත්තගේ ඇමති බලය පාවිච්චි කරලා තමන්ට ඕනේ හැමදේයක්ම කර ගත්තු පොඩි ඇට්ටරයෙක් . යුගාන් අවේලාවේ කැම්පස් එක පුරාවටම ඇවිදින එක ගැන අහන්න කිසිම ප්‍රොෆිසෙර් කෙනෙක් නම් එඩිතර උනේ නැහැ . මොකද එහෙම කලොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාගේ රස්සාව උනත් නැති වෙන්න පුලුවන් .
හැම කෙනෙක්ම යුගාන්ට දක්වපු බය නිසාම කැම්පස් එක ඇතුලෙදි යුගාන් ගොඩක් කැපී පෙනුනා . තවමත් තමන්ගේ යාලුවා උනු සිතිජ අක්නෙව් කියන අනිත් හිතුවක්කාරයව යුගාන්ට හොයා ගන්න බැරි වුනු උනා . ඒත් ලෙක්චස් කට් කරලා සිතිජ යනවා නම් යන්නේ ලයිබ්රි එකට විතරක් වුනු නිසා යුගාන් ලයිබ්රි එකට යන්න හිතුවා .
ඉක්මනින් ලයිබ්රි එක දිහාවට යුගාන් අඩි තියමින් එද්දි ඒ ලගින්ම හිටපු කෙලි නැට්ටියෝ ටික මහ පෙරේත බැල්මක් යුගාන් දිහාවට යොමු කර ගෙන හිටියා . ඒත් යුගාන් නම් ඔය එක නැට්ටියෙක් වත් කිසිම ගානකට නොගෙන ලයිබ්රි එක ඇතුලට ඇතුල් උනා .
ලයිබ්රි එකේ මොකෙක් වත් පේන්න නැති උනත් යාන්තමින් ගිටාර් එකක් ප්ලේ කරන සද්දයක් විතරක් ඇහෙන්න තිබුනා . ලයිබ්රි එකේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට ආපු යුගාන් දැක්කේ පොත් රාක්ක දෙකක් මැද පූස් නාම්බෙක් පොලේ ගහලා වගේ ලොකු වේදනා බර වූ ශෝකාන්තයකින් ගිටාර් එක ප්ලේ කරන සිතිජව .
සිතිජගේ දෙක වෙලා තියෙන මූණ දැක්කම නම් යුගාන්ට හිතා ගන්න පුලුවන් උනා මූ මොකක්ම හරිම වැඩක් කෙලවගෙන තමා ඔහොම ඉන්නේ කියලා . සිතිජගේ ඇග උඩින් පැන්න යුගාන් සිතිජගේ පස්සත් බාගයට පයින් පාරක් ගහන ගමන් උගේ එහා පැත්තෙන්ම වාඩි වුනා . වෙනදා යුගාන් ඔය වැඩේ කරද්දි සිතිජත් ගේම අතාරින්නේ නැහැ .
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...