• දහහත් වන දිගහැරුම •

560 143 153
                                    

" ගෑණියෙක් වගේ ඉනෙන් අල්ලන්නේ නැතුව පිරිමියෙක් වගේ වෙන කොහෙන් හරි අල්ල ගනිම් යුගාන් !! "

" එහෙනම් ඉතිම් තමුසෙගෙ බිබික්කමෙන් තමයි මට අල්ල ගන්න වෙන්නේ "

" උබට මං කිව්වා කියලා හිතා ගනිම් !! ඉනෙන් අල්ලන්නේ නැතුව උරහිසින් අල්ල ගනිම් බං !! උබ ඔහොම අල්ලදි මට කිචි කිචි වගේ "

" ඔව් ඔව් මං අල්ලදි තමා තමුසෙට හැම කිචියම එන්නේ "

යුගානුයි තීනුයි බයික් එකට නැගපු වෙලා ඉදන් කලේ රණ්ඩු උනු එක . තීනු කොයි වෙලාවෙත් අරහෙන් අල්ලන්න එපා මෙහෙන් අල්ලන්න එපා කියලා කෑ ගහද්දි යුගාන්ට අල්ල ගන්න තැනක් තිබුනේ නැහැ . තීනු ගේ බයික් එක නිසා තීනු බයික් එක එලවන්න ගද්දි යුගාන්ට සිද්ද උනේ තීනුගේ පිටි පැස්සෙන් වාඩි වෙන්න .

ඉතිම් යුගාන් වාඩි වෙලා තීනුගෙ ඉනෙන් අල්ල ගද්දි තීනු ඒකටත් යුගාන්ට බැන්නා ඊට පස්සේ යුගාන් තීනුගේ කලවා වලින් අල්ල ගනිද්දි ඒකටත් තීනු යුගාන්ට බැන්නා . අන්තිමේදි යුගාන් තීනුගේ උරහිසින් අල්ල ගෙන බයික් එකේ එද්දි ඔන්න ඒ පාර නම් තීනු සද්ද නොකර හිටියා . ඒත් යුගාන්ට කට වහන් ඉන්න එක නම් ටිකක් කරන්න බැරි උනා .

" මේ තීනු බබා "

" මොකද !! "

" මම පොල් ගෙඩියක් උනොත් ඔයා මාව ලෙලි ගහනවද ?? "

" ලෙලි ගහලා නවතින්නේ නැහැ තොගෙ පොල් කෙදිත් ගලවනවා මම !! තව තොගෙන් පොල් සම්බෝලත් හදලා රෑට රෝස් පාන් එක්ක කනවා තෝව මම !! "

තීනු බයික් එක එලවන අතරෙම දත් මිටි කන ගමන් කියද්දි යුගාන් තමන්ගේ මූණත් දෙක කර ගෙන කට වහ ගත්තා . කොහොමත් තීනුගේ කටින් තමන්ට හොද දෙයක් ජීවිතේට අහ ගන්න බැරි වග නම් යුගාන් හොදාකාරවම දැනන් හිටියා . හැබැයි යුගාන්ට එහෙමයි කියලා ලැජ්ජාවක් කියලා දෙයකුත් තිබුනෙත් නැහැ කොයි වෙලාවෙත් රිංගුවේ තීනුගේ අස්සේ .

" තමුසෙ හෙන දරුණුයිනේ !! "

" එහෙම තමයි ඇයි මොකද !! "

තීනු ගේමට වගේම කතා කරද්දි යුගාන් තමන්ගේ කට වහ ගත්තේ තීනුව අව්ස්ස ගත්තොත් ලේසියෙන් තීනුගේ හැකර කට වහන්න බැරි වෙන බව දන්න නිසා . මීක් කියලා සද්දයක් නැතුව යුගානුයි තීනුයි බයික් එකේ එද්දි නොහිතපු විදිහට වැහි පොද වැටෙන්න ගත්තා . පොදයක් නිසා කොල්ලෝ දෙන්නා වැඩිය ගන්න ගත්තේ නැති උනත් එක පාරටම පොද වැස්ස වැඩි කලා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now