• විසි දෙවන දිගහැරුම •

532 122 117
                                    

" අනේ යුගාන් මාව උප්පු ගෙනියනවකෝ "

" පිස්සු කෙලින්න එපා බබා "

" දැන් තමුසෙට බෑද ?? ම්හුක් යාලු වෙන්න ආපු මුල් කාලේ නම් කිව්වේ මාව කරේ තියන් ලෝකේ වටේ එක්කන් යන්නම් කියලා දැන් මට තේරෙනවා තමුසෙ මට දුන්නේ බොරු ආදරයක් කියලා "

තීනු කැම්පස් එක මැදන් ඉදන් අඩි පොලේ ගහද්දි යුගාන් තමන්ගේ ඉනට අත් දෙකත් තියන් තීනුගේ මේ විකාරේ දිහා බලන් හිටියා . දැනට කොල්ලෝ දෙන්නා යාලු වෙලා සතියක් ගත උනත් ඒ සතිය පුරාවටම තීනු යුගාන්ට දුන්නු ගින්දර නම් එමටයි . ලෙක්චස් ඉවර උනු වෙලාවේ ඉදන් තීනු යුගාන්ට තමන්ව උප්පු ගෙනියන්න කියලා නහයෙන් අඩන්න ගත්තත් යුගාන්ට ටිකක් ලැජ්ජ හිතුනු නිසා යුගාන් තරමක් අදිමදි කලා .

" ඕයි බබා රෙද්දක් කියවන්න එපා මං තමුසෙට පැලෙන්න ආදරෙයි කියලා තමුසෙ දන්නවනේ !! "

" එහෙනම් මාව උප්පු ගෙනියනවා "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් මූණ පුම්බ ගද්දි ඕන රෙද්දක් කර ගත්තුවාවේ කියලා යුගාන් තීනුව සතේකට මායින් නොකෙරුවා . හැබැයි තීනුට නම් ඒකට තරහ ගිහින් යුගාන්ගේ ඔලුවට අත් දිගෑරලා පාරක් දෙද්දි පුරුදු විදිහටම යුගාන් කෙදිරිල්ලක් පිට කරමින් තමන්ගේ ඔලුව අල්ල ගත්තා .

" මොකද බං ගහන්නේ ?? "

" මට ආදරේ නැහැ තමුසෙ !! මං යනවා යන්න !! එන්න එපා තෝ ආයේ තීනු බබා සුදු බබා අර බබා මේ බබා ගාගෙන "

තීනු යුගාන්ටත් ගස්ස ගෙන කැම්පස් එකෙන් එලියට යන්න හදද්දි යුගාන් තීනුගේ අතින් අල්ල ගෙන තීනුව නතර කර ගත්තා . ඒත් තීනු යුගාන්ගේ අත ගසලා දාලා ආයෙම යන්න හදද්දි යුගාන් තීනුගේ ශර්ට් එකේ කොලර් එකෙන් ගුලි කරලා අල්ල ගන්න ගමන් තීනුව තමන් ගාවට ඇදලා ගත්තා .

" මොකද මේ ම්ම් ?? තමුසෙ ඔහොම මුරණ්ඩු වෙනවට මං පොඩ්ඩක් වත් කැමති නැහැ තීනු !! මං උබට ආදරෙයි මං පුලුවන් හැම විදිහකින්ම උබට ඒක කිව්වා ඒ වගේම දැනෙන්න දුන්නා මාත් එක්ක එල්ලෙන්න විතරක් එපා මොකද උබට මං ආදරෙයි !! මං කැමති නැහැ උබට රිද්දන්න හැබැයි මගෙ සීමාව පන්න ගන්න හදන්න එපා එහෙම උනොත් උබට ගොඩක් රිදෙයි තේරුනාද බබා ම්ම්ම් ?? "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now