• විසිනව වන දිගහැරුම •

549 93 112
                                    

සුපුරුදු පරිදි කැම්පස් එකට ආපු තීනු වෙනදා වගේ තීර්ථව හොයන්න ගත්තා . කෙල්ලෙක් කියලා තීර්ථට කොල්ලෙක් වත් නැති උනත් කැම්පස් එක ඇතුලේදි තීර්ථව හොයා ගන්න හරිම අමාරුයි . දෙතුන් පාරක්ම කැම්පස් එක වටේම ඇවිද ඇවිද තීනු තීර්ථව හොයන්න ගද්දි ඔන්න ඒ පාර නම් තීර්ථ කොල්ලො සෙට් එකක් එක්ක ගහක් යටට වෙලා කයියක් දාගෙන ඉන්නවා තීනු දැක්කා .

කෑල්ලව දැක්කා වගේ තීනු දුව ගෙන දුව ගෙන ඇවිත් තීර්ථගේ අතිනුත් අල්ල ගෙන තීර්ථව වෙන ගහක් අස්සට එක්කන් යද්දි තීර්ථගේ පපුවත් ගැහෙන්න ගත්තා තීනු තමන්ට කරදරයක් වත් කරන්න යයිද කියලා . ඒත් තීනු අත් දෙකේ ඇගිලිත් පටලව පටලව මොනවදෝ කියා ගන්න බැරුව තටමන්න ගද්දි තීර්ථ තමන්ගේ ඉනට අත් දෙකත් තියා ගෙන තීනුගේ මේ විගඩම දිහා බලන් හිටියා .

" මොකද තෝ දැන් ඔය ගෑණු ලමයා වගේ ඇඹරෙන්නේ ?? "

තීර්ථ බැරිම තැන තීනු ගෙන් අහද්දි ඔන්න ඒ පාර තීනුගේ කටට පණ ආවා .

" මේකයි බං සීන් එක දැන් යුගාන් හැම වෙලවෙම මාත් එක්ක ලව් කරන්න එනවනේ හැබැයි මං ඒවට ආස නැහැ . ඒත් මං ඌට ආදරෙයි !! ඌ හෙන ආසයි මං ඌට තුරුලු වෙලා ආදර බස් දොඩව දොඩව ඌව ඉඹ ඉඹ ඉන්නවට ඒත් මට නම් බැහැ කෙල්ලෙක් වගේ ඌට තුරුල් වෙලා ඉන්න . හැබැයි මට දුකයි ඌ ගැන එහෙම කියලා මට බැහැ ගෑණු ලමයෙක් වගේ උගේ අස්සේ ඉන්න "

" ඉතිම් උබ දැන් මොකක්ද මට කරන්න කියන්නේ ?? "

" මට රොමෑන්ටික් වෙන්න කියලා දියන්කෝ හැබැයි අත පත ගාන්නේ නැතුව තුරුල් වෙන්නේ නැතුව වෙන කරන්න පුලුවන් දෙයක් කියපන් "

" එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි යුගාන්ව දුටු තැන උගේ කට කන එක !! ඒක තමයි එකම විසදුම ඊට පස්සේ File closed !! "

තීර්ථ කිසිම ගානක් නැතුව කියද්දි තීනු අත දිගෑරලා තීර්ථගේ ඔලුවට පාරක් ගැහුවා . ආදර විශේෂඥයා වගේ තීර්ථ හිටියට ඌ දන්න කිසි දේකුත් නැහැ කියලා තීනුගේ මොල ගෙඩියට තේරෙන්න ගත්තා . ඒත් මේ වෙලාවේ හැටියට තීර්ථයගේ උපදෙස් පට්ටෙටම තීනුට ඕනේ උනා .

" එහෙම නෙමෙයි බං මං අහන්නේ හිතට දැනෙන්න ආදරෙන් කතා කරන්නේ කොහොමද කියලා "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now