• තුන් වන දිගහැරුම •

674 148 60
                                    


උදේම කැම්පස් එකට ආපු යුගාන් සුපුරුදු පරිදි ලෙක්ච හෝල් එකට වෙලා බලන් හිටියේ තීනු එනකල් . පුටුවේ දිගා වෙලා කකුල් දෙකත් මේසේ උඩින් තියා ගත්තු යුගාන් සිතිජ එක්ක පොඩි කයියකට වැටුනා . ලෙක්ච හෝල් එකට තීනුගේ හොදම යාලුවා උනු තීර්ථ ඇතුලට එද්දි මේසේ උඩ තිබුනු තමන්ගේ කකුල් දෙක යුගාන් පහලට දාන ගමන් පුටුවෙන් කෙලින් උනා . තීර්ථ ආපු නිසාම යුගාන් හිතුවේ තීනුත් ඇතුලට ඒවී කියලා . ඒත් තීනු නැති නිසාම යුගාන්ගේ මූණ මැල උනා .

" ඕයි කොට බෙලෙක්කේ කෝ තීනු !! "

" ඌ අද ආවේ නැහැ "

යුගාන් තමන් හිටපු තැන ඉදලම තීර්ථගෙන් කෑ ගහලා අහද්දි යුගාන්ගේ හඩටත් නොදෙවෙනිව තීර්ථත් උස් හඩින් පිළිතුරු දුන්නා . මොකද තීර්ථගේ කැම්පස් එකේ පට්ටම උනු කොට බෙල්ලෙක්ගේ නමින් තමන්ට කතා කරනවට තීර්ථ අකමැති උනු නිසා . තීනු කැම්පස් ආවේ නැහැ කියලා තීර්ථ කියනවත් එක්කම යුගාන් වාඩි වෙලා හිටපු පුටුවෙන් ඉබේටම නැගිට්ටා . තීනු කැම්පස් ආවේ නැති විස්තිය කලින්ම දන්නවා නම් අද යුගානුත් කැම්පස් එන්නේ නැතුව ඉන්න තිබුනා .

තීනු ආවේ නැත්තේ ඇයි කියලා දැන ගන්න ඕනේ උනු නිසාම යුගාන් තීර්ථ දිහාවට ලං උනේ ප්‍රශ්න වැලක් අහන ගමන්මයි . අතුත් හරහට බැද ගෙන තමන්ගේ ඇසුත් රෝල් කරමින් තීර්ථ යුගාන් දිහා බැලුවේ කටත් ඉරක් කර ගෙන . යුගාන් කියවන් කියවන් යන විදිහට තීර්ථට තමන්ගේ බෑග් පැක් එකෙන්ම යුගාන්ට දමලා ගන්න නොහිතුනාමත් නෙමේ .

" මොකද ඕයි ඔහොම බලන් ඉන්නේ කියනවකෝ එයාට මොනවද උනේ ? ඇයි අද කැම්පස් ආවේ නැත්තේ ? තීනු බබාට අසනීපයක් වත් හැදිලද ? නැත්තම් වෙන මොකක් හරි දෙයක්ද ? එයාට කරදරයක් නෑනේ ? ආර්ර්ර්හ්හ් කියපන්කෝ වොට්ටෝ කටේ පිට්ටු ඔබලා වගේ ඉන්නේ නැතුව !! "

" ආපූ උබත් අනේ මන්දා බං මම විහිලුවක් කලේ ඌ අද කැම්පස් ආවා .. ලයිබ්‍රි එකෙන් මොකක්දෝ පොතක් අර ගන ඕනේ කියලා ඌ ලයිබ්‍රි එකට ගියා තව ටිකකින් එයි ඕකා .. ඒක නිසා බොරුවට නහින්නේ නැතුව ඉදපන් !! "

තීර්ථ බොරුවක් කිව්වත් යුගාන් නම් තීනු ගැන ගොඩක් වද උනා . යුගාන් කැම්පස් එන්නේ තීනු නිසා ඒ ඇවිත් ඉගෙන ගන්නෙත් තීනු නිසා මොකද යුගාන් දැනන් හිටියා තමන් රස්තියාදු ගහන එකට වගේම රණ්ඩු වලට පටලැවෙනවට තීනු පොඩ්ඩක් වත් කැමති නැති වග ඉතිම් යුගාන් තීනු නිසාම වෙනස් වෙන්න උත්සාහ කලා . යුගාන්ගේ බෙරි වෙලා තිබුනු මූණ පුරාම මල් මල් හිනාවකින් පිරිලා ගියා ඒත් යුගාන්ට තීර්ථ එක්ක පොඩ්ඩක් තරහා ගියේ මුලින්ම තීර්ථ තමන්ට බොරුවක් කියපු නිසා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now