• දහසය වන දිගහැරුම •

547 154 120
                                    

වෙනදා වගේම උදේම කැම්පස් එකට ගියපු තීනු කොහොම හරි තීර්ථව ආයේ යාලු කර ගත්තා . ඒත් තීනු තීර්ථව තමන් ගාවින් තියා ගන්න හැදුවත් යුගාන්ගේ බර බරේ නිසා තීර්ථට සිද්ද උනේ සිතිජ ගාවින් ඉන්න . තීනු ගෙයි යුගාන් ගෙන් විකාර එක්ක දවස ගෙවිලා ගියත් හස්නා අද කැම්පස් නොආපු එකට තීනු සතුටු උනා .

කැම්පස් ගිහින් ගෙදර ගාපු ගමන්ම ඇග පත හෝදන් අම්මා උයලා තියෙන දෙයක් කාපු තීනු හොද නින්දක් දැම්මේ මේ දවස් ටිකේම පාඩම් කරලා තමන්ට හරි නින්දක් වත් නොතිබුනු නිසා . පැය දෙක තුන ඉබේටම ගෙවිලා යද්දි දන්නෙමත් නැතුව හවස් වරුවත් ලං වෙලා තිබුනා . ඒත් තීනු නම් තාමත් සැපට ඇදේ නිදි .

ඒත් තීනුට එහෙම වැඩි වෙලාවක් තවත් නිදා ගන්න නම් හම්බ උනේ උනේ නැහැ . මොකද තීනුගේ අම්මා ඇවිත් තීනුව ඇහැරන්න ගද්දි තීනුගේ සැප නින්ද එහෙන්මම විනාස උනා . ඇස් දෙකත් පොඩි කර කරම නැගිටපු තීනු සොම්බියෙක් ගහලා වගේ ඇදේ වාඩි උනේ නිදිමත බේරෙන මූණකුත් හදා ගෙන .

" ම්හ් මොකද .. අම්මේ ?? "

" මේ තීනු මාත් එක්ක කීල්ස් එකට යන්න එන්නකෝ පුතේ තාත්තා කෝල් කරලා කිව්වා අද ගෙදර එන්න රෑ වෙනවා කියලා "

" අයියෝ .. මට නිදි ... මතයි අම්මේ .. චූටි එක්ක යන්නකෝ .. "

" අපෝ බැහැ හෙට එක්සෑම් එකක් කෙල්ල පාඩම් කරනවා අනේ වරෙන්කො බං මට පරක්කු වෙනවා රෑට බොන්න සුප් එකක් හදන්නත් ඕනේ "

තීනුගේ අම්මා තීනුගේ උරහිසටත් තට්ටුවක් දාලා කියද්දි තීනු අකමැත්තෙන්ම ඇදෙන් නැගිට්ටා . කොහොමත් අම්මගෙන් බේරිල්ලක් නැති නිසාම තීනු පොඩි ටවල් එකත් අරන් බාතෘම් එකට ගිහින් මුහුණ එහෙම හෝද ගෙන ආවේ තියෙන නිදි මත යවා ගන්න . ඒ අතර තීනුගේ අම්මා පහලට ගිහින් ඕනේ කරන් දේවල් ගන්න ලිස්ට් එකකුත් හදා ගත්තා .

ඇදන් හිටපු ශෝටට ටී ශර්ට් එකක් විතරක් ඇද ගත්තු තීනු කොණ්ඩෙත් අතින් හදා ගෙන බයික් එකේ යතුරත් සාක්කුවට දා ගන්න ගමන් පහලට ගියා . මන්දාරමීට ගේ ඇතුලින් ඉන්න කියලා තීනුගේ අම්මා දොරට එලියෙන් අගුලු දැම්මේ කෙල්ලව මොනා උනත් තනියෙන් දාලා යන එක තමන්ගේ හිතට බයක් ඇති කරපු නිසා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now