• දහහතර වන දිගහැරුම •

512 134 94
                                    

" ඉතිම් ඊට පස්සේ මොකක්ද උනේ "

" ඊට පස්සේ මේ බේසික අවලමා මට උම්මා එකක් දුන්නා කියහන්කො "

" අඩෝ සිරාවටම !! මුගෙ ඇට දෙකට හෙන දෙකක් ගහන්න එපැයි "

කලින් දවසේ යුගාන් පාක් එකේදී තීනුගේ කම්මුකට කිස් එකක් දුන්නු විදිහ පහුවදාම කැම්පස් ආපු තීනු තීර්ථට අත පය විසි කර කර කියන්න ගත්තා . තීර්ථට කොහොමත් වැඩිය යුගාන්ව දිරවන්නේ නැති නිසාම තීර්ථ නම් කලේ යුගාන්ට බැනපු එක . තීනු ඉතිම් අමු ගවයනේ ආයේ තීර්ථ කියන හැම රෙද්දම තීනුත් ඉතිම් ඉහටත් උඩින්ම පිලිගත්තා .

" එක උම්මා එකයිද ඌ දුන්නේ ?? "

" නෑ දෙකක් දුන්නා !! "

" කොහෙටද "

" එකක් කම්මුලට අනිත් එක නලලට "

" කටට දුන්නේ නැහ් ?? "

" නෑනේ බං !!!!! "

තීර්ථ අහපු දේට තීනු මූණත් කූඩිය වගේ කර ගන්න ගමන් උත්තර දුන්නා . ඒත් තීර්ථ නම් දැන් කම්මුලටත් අතක් තියා ගෙන යුගාන් තීනුගේ කටට උම්මා එකක් නොදුන්නු හේතුව විශ්ලේෂණය කරන්න ගත්තා . මොලේ කලඹවපු තීර්ථගේ ගොන් මොලේ ඩෝන් ගාලා ගොන් නිගමයක් ආවා . නිගමනේ මොකක් උනත් තීර්ථගේ තියරිය උනේ යුගාන් වැරදියි කියන එක විතරයි .

" සිද්ද වෙලා තියෙන දේවල් පෙල ගැස්සුවම මට පේන්නේ ඌ උබව සෙල්ලමට අරන් කියලා !! කටට උම්මා එකක් දෙන්න බැරි එකෙක් ගාව සැබෑ ආදරය නැහැ බං එච්චරයි !! "

තීර්ථ කිව්ව දේ නිසා තීනුට හිතුනේ යුගාන් තමන්ගේ කටට උම්මා එක නොදෙන්න හේතුව ඒකයි කියලා . අනික හස්නා එක්ක යුගාන් සෙට් නම් තමන්ගෙන් යුගාන්ට තවත් වැඩක් නැහැ කියලා තීනුට හිතුනා . බොරු කියන්න ඕනේ නෑනේ හස්නා ගහපු ප්ලෑන් එක ටිකෙන් ටික දැනට මත් වැඩ කරන්න පටන් අර ගෙන තිබුනා .

තීනුගේ ඉරිසියාව කොච්චරද කියනවා නම් හස්නව කැම්පස් එකෙ දකින්නේ කොතනද තීනු කරන්නේ හස්නට රවන එක . හස්නට නම් ආයේ හෙනම හැපී තීනු කරන කියන දේවල් හස්නා ගිහින් යුගාන්ගේ කනේ තිබ්බම සේරටමත් වඩා යුගාන්ට හැපී . තීර්ථත් තීනුටම හරියන බඩ්ඩ නිසා තීර්ථයි තීනුයි එකතු වෙලා කරන ගොන් වැඩ දිහා යුගාන් හෙන අනුකම්පාවෙන් බලන් හිටියා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now