• දහ වන දිගහැරුම •

565 125 54
                                    

" යුගාන් !! යුගාන් !! යුගාන් !! යුගාන් !! "

" කමෝන් යුගාන් ඕකට තව ගහපන් !! "

" ඕක නවත්තපන් යුගාන් !! "

මුලු කැම්පස් එකේම හිටපු අය වට වෙලා හිටියේ කැම්පස් එකේ තියෙන ග්‍රවුන්ඩ් එකට ඒ වෙන මොකක් නිසා වත් නෙමේ යුගාන් උදේ පාන්දරම කොල්ලෙක් එක්ක වලියක් දාගෙන ග්‍රවුන්ඩ් එක මැද ගහ ගන්න ගත්තු නිසා . යුගාන් ඇමති පුතෙක් උනු නිසා හැම කෙනෙක්ම සපෝට් කලේ යුගාන්ට ඒකෙන් පික් අප් වෙන යුගාන් තව තවත් අර කොල්ලට බිම දාගෙන ගහන්න ගත්තා .

ඒත් කොහෙදෝ ඉදන් දුව ගෙන ආපු සිතිජ වලිය මැදට පැනලා වලිය නවත්තන්න හැදුවත් ඒකෙන් සිද්ද උනේ යුගාන් ගෙන් හොද පාරවල් දෙකක් සිතිජටත් කන්න උනු එක . ඒත් එහෙමයි කියලා වලිය තවත් දුරට ඇදුනොත් යුගාන්ටත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලම සිතිජ ගුටි කාගෙන හරි වලිය නවත්තන්න ගොඩක් උත්සාහ කලා . ඒත් යුගාන්ව ටිකක් මෙල්ල කරන එක සිතිජට අපහසු උනා .

වට වෙලා ඉන්න උන් වලිය නවත්තනවා වෙනුවට යුගාන්ට චීර් කරද්දි සිතිජ වටේ ඉන්න උන්ටත් කුනුහරපෙන් දෙකක් තුනක් කියද්දි උන් ගෙන් සමහරක් වලිය නවත්තන්න සිතිජට සප් එක දුන්නා . ඒත් යුගාන් ඉන්න ආවේගෙත් එක්ක යුගාන්ව කන්ට්‍රෝල් කරන එක ගොඩක් අමාරු උනා . යුගාන්ගේ තොල පැලිලා නහයෙනුත් ලේ ඇවිත් තිබුනා .

ඒත් ඒ ගැන නම් යුගාන්ට වගේ වගක් නැහැ . මොකද යුගාන් ඉන්නේ තමන් බිම දාගෙන ගහන කොල්ලව මරන සයිස් එකෙන් . යුගාන්ගේ පාරවල් නිසාම ඒ කොල්ලා නැගිට ගන්න වත් බැරුව හරි අමාරුවෙන් හිටියා . කැම්පස් එකේ දන්න එකෙක් නම් ජීවිතේට යුගාන් එක්ක නම් එල්ලෙන්නේ නැහැ . ඒත් අවාසනාවකට ඒ කොල්ලා ෆස්ට් යියර් ස්ටුඩෙන්ට් කෙනෙක් උනා .

" උබ දන්නවද යකෝ මම කවුද කියලා !! මම තමයි අල්පොන්සු ඇමති තුමාගේ එකම පුතා !! උබ හැප්පුනේ වැරදි එකා එක්ක "

ආයෙම යුගාන් ඒ කොල්ලගේ මූණට ගහ ගෙන ගහ ගෙන යද්දි සිතිජ යුගාන්ව අහකට තල්ලු කරලා යුගාන්ව අල්ල ගත්තා . ඒත් සිතිජව පිටි පැස්සට තල්ලු කරපු යුගාන් ආයෙම බිම පණක් නැතුව ඉන්න කොල්ලට ගහන්න ගද්දි වටේ ඉන්න හැම එකෙක්ම කෑ ගහන්න ගත්තේ යුගාන් ගහපු පාර ඒ කොල්ලගේ නහයෙන් ලේ එන්න ගත්තු නිසා . ඒත් යුගාන්ට නම් ගානක් වත් නැහැ .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now