• දොළොස් වන දිගහැරුම •

516 128 52
                                    

හැම ඉරිදා දවසකම කැම්පස් එකේ ලෙක්චස් නොතිබුනු නිසා යුගාන් පුරුද්දක් විදිහට ඉරිදා දවස සිතිජ එක්ක රෝන්දේ ගැහුවා . අදත් කිට මරලා උදේම ඇද ගත්තු යුගාන් රූං කුරුල්ලා වගේ බයික් එකේ නැගලා ආවේ සිතිජලගේ ගෙදරට . සිතිජගේ ගෙදර තමන්ගේ ගෙදර වගේ නිසා ගේට්ටුවත් ඇරලා බයික් එකත් මිදුලේ දාලා යුගාන් ගේ ඇතුලට ආවා .

සිතිජගේ අම්මටයි තාත්තටයි පවා යුගාන් කියන්නේ තමන්ගෙම දරුවෙක් . සිතිජයි යුගානුයි ඇටයෝ කාලේ ඉදන් බොක්කේ මිතුරෝ නිසා උන් දෙන්නා කන එකේ ඉදන් රෙන එක පවා කලේ එකට . ඒක නිසා යුගාන් උගේ ගෙදර වගේ කඩා ගෙන බිද ගෙන සිතිජලගේ ගෙදරට රිංගන එක ඒ ගෙදර මිනිස්සු නම් ගානකට ගත්තේ නැහැ .

කෙලින්ම සිතිජගේ අපායක් වගේ තියෙන කාමරේ ඇතුලට යුගාන් හොම්බ දාද්දි සිතිජ තාමත් පුක උඩ දාන් නිදි . තමන් ඉරිදා එනවා කියලා දැන දැනත් පොලේ ගහපු ඇට ගෙම්බා වගේ සිතිජ ඇදේ පත බෑවිලා ඉද්දි යුගාන්ට තද උනා . තමන් ඇදන් හිටපු අත් දිග ශර්ට් එක අත් දෙක උඩට නවා ගත්තු යුගාන් සිතිජ ගාවට ලං වෙලා උල් කරන් ඉන්න සිතිජගේ පුකට හොද පාරක් දුන්නා .

යුගාන් දුන්නු ශොට් එක කොහොමද කියනවා නම් උදේම බිම හිටපු පනුවෝ ටිකක් අහුලං කකා හිටපු චූට්ටන් බට්ටිත්තෙක්ට පනුවත් හිර උනා . තිත්ත සිංහලෙන් ආමන්ත්‍රණය කරන ගමන් සිතිජ නැගිට්ටේ ලග ඉන්න යුගාන්ට මැද ඇගිල්ලත් පෙන්නන ගමන් . රෑ එලි වෙනකල් වැල් බල බල හිටපු නිසා උදේ පාන්දර ඇස් දෙක අරින්න වත් බැරි තරටම ලොකු නිදිමතක් සිතිජට තිබුනා .

" යසයි කැරියා පුකත් උල් කරන් නිදා ගෙන ඉන්න විදිහ !! අමන පකා මං උබට ඊයේ එනවා කියලා කිව්වා නේද "

" අනේ හුත්තෝ මට නින්ද ගියා උබෙන් නම් දස වදයක් තියෙන්නේ .. ආයේ උබ මෙහෙ පැත්ත පලාතේ එන්න එපා පගයා !! "

නිදි මතේ බෙඩ් ශීට් එකත් ඔලුවේ ඔතා ගන්න ගමන් සිතිජ යුගාන්ට කෑ ගහද්දි ඇද ගාවින් හිටපන් හිටපු යුගාන් සිතිජට පයින් පාරක් දුන්නේ සිතිජ බෙඩ් ශීට් එකත් එක්ක බිමට වැටෙද්දි . සිතිජ බිමට පත බෑ වුනු ගමන්ම යුගාන් ඇදට පැනලා කකුල් දෙකත් උඩ දාගද්දි බිම වැටුනු සිතිජ හොල්මන වගේ බෙඩ් ශීට් එකත් ඔතන් නැගිට්ටා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now