• පහළොස් වන දිගහැරුම •

558 135 61
                                    


" ශ්ශ් ලමයි ඔය කෑ ගහන එක නතර කර ගනිල්ලා ලෙක්චස් ඉවර උනු හැටියෙම පිස්සෝ වගේ දගලනවා පොඩ්ඩක් මං කියන දේ අහ ගන්නවලා "

ලෙක්ච එක ඉවර උනු ගමන් හෝල් එකේ හිටපු උන් ටික මොක්කුද වගේ කෑ ගහන්න ගද්දි විශේෂ පණිවිඩයක් මුන්ට කියන්න හිටපු ප්‍රොෆිසෙර්ට ඒක කියා ගන්න බැරි උනා . මුන් හොදින් කිව්වම අහන්නේ නැති නිසා ප්‍රොෆිසෙර්ට සිද්ද උනා මුන්ට ටිකට ටිකක් තදින් කියන්න .

මුලු හෝල් එකම සයිලන්ට් නොවුනත් කීප දෙනෙක් හරි කෑ ගහන්නේ නැතුව හිටපු නිසාම ප්‍රොෆිසෙර් තමන්ගේ අතේ තිබුනු කොලේ කට්ටියට ඇහෙන්න කියවන්න ගත්තා . ඔන්න ඒ පාර නම් එක එකා කටවල් පියා ගෙන ප්‍රොෆිසෙර් කියන දේවල් තිතටම අහන් ඉන්න ගත්තා . ජීවිතේට ඉගෙන ගන්න දෙයක් කිව්වම අහන්නේ නැති උන් දැන් කියන ඒවා දිහා අහන් ඉන්න විදිහ දැක්කම ප්‍රොෆිසෙර්ටත් පුදුම හිතුනා .

" ලබන සතියේ බ්‍රහස්පතින්දයි සිකුරාදයි එතකොට ලෙක්චස් නැහැ ඒක නිසා ඔයාලට පුලුවන් එදාට කැම්පස් එකේ තියෙන ඩීජේ එකට එන්න .. උදේ ඉදන් ඇවිත් උබලා මේකේ අස්සේ ලැග ගෙන ඉන්න එපා ඩීජේ එක පටන් ගන්නේ හයට ඒ වෙලාවට ඇවිත් ඉදපන් .. සිංදු කියන්න කැමති උන්ට එදාට ස්ටේජ් එකට නැගලා සිංදු කියන්න පුලුවන් නටන්න කැමති කෙල්ලෝ ඉන්නවා නම් උබලා නටන්න බලා ගෙන වරෙම් හැබැයි ස්ටේජ් එකට නැගලා තොපි උඩරට එහෙම නැටුවොත් කවුරු නැතත් තොපිට හූ කියන්නේ මම !! හරි එහෙනම් ජර මර බැහැ ඩීජේ එක දවසට විනය තියා ගෙන මගේ නමත් රැක ගෙන ඉදපල්ලා "

ප්‍රොෆිසෙර් වෙන්න ඕනේ දේවල් සේරම කියලා ලෙක්ච හෝල් එකෙන් එලියට යද්දි ලමයි සේරම අතරේ කසු කුසුවක් පැතිරුනා . සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඩීජේ එකක් ගහන්නේ අවුරුද්දටම එක පාරක් හෝ දෙපාරක් නිසා කට්ටියම උද්‍යෝගයෙන් ඩීජේ එක ගැන කතා කරන්න ගත්තා . ඒ අතර යුගාන් තමන්ගේ පොත් ටිකත් බෑග් එකට දා ගෙන තීනු දිහාවට හැරුනේ තීනු ඩීජේ එකට එනවද කියලා දැන ගන්න හිතා ගෙන .

" තමුසෙ ඩීජේ එකට එනවද තීනු ?? "

" ඔව් මෝඩයෝ මේ වගේ එකක් මිස් කර ගන්නේ කවුද ?? "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now