• පස් වන දිගහැරුම •

592 139 50
                                    

" ඕයි තීර්ථ මාව ලග තියාගෙන ඔහොම බියර් බොන්න එපා බං "

" මට ඕනේ නම් මම බොනවා කෙදිරි ගාන්නේ නැතුව උබත් ඔය බියර් එකක් අරන් බීපන් "

" ආර්ර් උබ දන්නවනේ මට ඕවා බීලා ගෙදර යන්න බැහැ කියලා අම්මා මාව කයි බං "

" එහෙනම් ඉතිම් නිකන් ඉදපන් දැන් බියර් වලට යන වියදමත් එක්ක මේ යුගාන් කාරයගේ පාර්ටි එකෙන් පිනට බොනවා ඇරෙන්න ඕවා ගන්න සල්ලි නාස්ති කරන්න බැහැ මට "

තීර්ථ කියන්නේ පරිසමාර්ත අර්ථයෙන්ම බේබද්දෙක් ! ඒත් හොදම වැඩේ කියන්නේ තීර්ථගේ තාත්තා සුරාබදු ඒකකයේ නිලදාරියෙක් . හැබැයි තීර්ථ බව්සර් ගනන් බිව්වත් හැමදාම හිටියේ කෙලින් ඒක නිසා තීර්ථව කවදාවත් තාත්තට අහු උනේ නම් නැහැ . තීර්ථ බියර් බොන දිහා බලන් හූල්ලනවා ඇරෙන්න තීනු ආසාවට වත් බියර් උගුරක් වත් බොන්න ගියේ නැහැ .

මොකද ආසාවට බොන්න ගියා වගේ නෙමේ අම්මට මාට්ටු උනොත් පිනට හම්බ වෙන බත් පතත් නැති වෙයි කියලා තීනුට සාදාරණ බයක් ඇති උනා . බියර් බොන්න බැරි නිසාම තීනු තරහින් මේසේ උඩ තිබුනු කොකා කෝලා ග්ලාස් එකක් අරන් බොන්න ගත්තා . තීර්ථ නම් උගේ ගෙදර වගේ බියර් බිබී බයිටුත් කකා හෙනම ආතල් එකෙ හිටියා . ජීවිතේ පලවෙනි පාරට තීර්ථ තමන්ගේ හිතින් යුගාන්ට හොද කිව්වා .

කේක් කපන්න තවත් වෙලා තිබුනු නිසා යුගාන් සිතිජ එක්ක පූල් එක ගාවට වෙලා පොඩ්ඩක් විනෝද වෙමින් හිටියා . ඒත් ඇතුලට ගියපු තීනු නිකමට වත් ආයෙ එලියට නාව නිසා යුගාන් හතර වටේම තමන්ගේ ඇස් යවමින් තීනුව හොයන අතරෙම ඇතුලට ආවා . පාට පාට එලි අතරේ ලිවින් රූම් එකේ කෙලවරේම තීර්ථ එක්ක ඉන්න තීනුව යුගාන්ගේ ඇස් මානෙට අහු වෙද්දි යුගාන්ගේ තොල් අතර හිනාවක් මැවුනා .

තීනු ඉන්න දිහාවට අඩියෙන් අඩිය යුගාන් ලං වෙද්දි තීනු දුර තියාම දැක්කා සෙවල හිනාවකුත් දාගෙන එන යුගාන්ව ඒත් තීනු යුගාන්ව සතේකට මායින් නොකර කෝක් ග්ලාස් එක දිගටම හිස් කරන්න ගත්තා . යුගාන්ගෙම ගෙදර ඉදන් යුගාන්ටම ලොකුකම් දාන්න තරම් තීනු මොන වගේ ගම්මිරිස් ඇටයෙක්ද කියලා හිතා ගන්න පුලුවන් නේ !!

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now