• හත් වන දිගහැරුම •

560 142 58
                                    

ලෙක්චස් නොතිබුනු නිසාම යුගාන් තලපතා පොලේ ගහලා වගේ නිදා ගෙන හිටියා . කට්ට දවල් පුක උඩ දාගෙන ඉන්න යුගාන්ගේ පුකට ඉර එලිය වැටිලා තිබුනත් යුගාන් නම් නැගිටින පාටක් පේන්න තිබුනේ නැහැ . එක කොට්ටෙකුත් බදා ගෙන අනිත් කොට්ටේ කකුල් දෙක අස්සේ ඔබා ගෙන නිදා ගෙන හිටපු යුගාන්ගේ කටේ එක පැත්තකින් බේරෙන කුණු කෙල ඔලුව තියන් ඉන්න කොට්ටෙට වැටෙන්න ගත්තා .

පස්ස පැත්ත උල් කර ගෙන නිදා ගෙන හිටපු නිසාම යුගාන් ගාවින් ගියපු මදුරුවෙක් යුගාන්ගේ පුකට ඇන්නේ ලේ බොන්න හිතා ගෙන . මදුරුවා යුගාන්ගේ පුකට විද්ද පාර නිදා ගෙන හිටපු යුගාන් පුකට චටාස් ගහලා පාරක් ගැහුවේ පුකේ වහපු මදුරුවා ස්වර්ගස්ත වෙද්දි . අඩ නින්දෙන්ම ඔලුවත් කස කස නැගිටපු යුගාන් පත ඈනුමක් අරින ගමන් ඇදෙන් නැගිට්ටේ තමන්ගේ ඇස් දෙකත් පොඩි කරගන්න ගමන් .

ඇදෙන් කෙලින් උනු හැටියෙම පී බරක් සෙට් වෙද්දි කලිසමත් උස්සන් බාතෘම් එකට රිංග ගත්තු යුගාන් පී කරලා මූණත් බාගෙට හෝදන් දත් සෙට් එක විතරක් හොදට මැද ගන්න ගත්තේ යුගාන්ගේ අම්මා දත් මැද්දේ නැත්තම් යුගාන්ට උදේට තේ කියා බත් ඇටයක් වත් දෙන්නේ නැති නිසා . සියාතු ගොයියා වගේ මූණ පිහිද ගත්තු ටවල් එක කරෙන් දාගෙන ඇවිත් කෙලින්ම ටවල් එක ඇද උඩට විසි කරලා යුගාන් පහලට ගියා .

එහෙන්මම යුගාන් කුස්සිය දිහාවට සම්ප්‍රාප්ත උනේ තමන්ගේ අම්මා කුස්සියේ වෙන්න ඇතී කියලා උනත් යුගාන්ගේ අම්මා නම් කුස්සියේ හිටියේ නැහැ . ඇමති තාත්තා කොහොමත් ගෙදර නැහැ කියලා දන්න නිසා යුගාන් තමන්ගේ තාත්තව නම් හොයන්න ගියේ නැහැ . ඇගේ හිරිත් යවන ගමන් සාලෙට මොකාද එකා වගේ ආපු යුගාන් වපර ඇහැ දාලා තමන්ගේ අම්මව ආයෙම හොයද්දි ගෙදර උයන්න ඉන්න කෙනා ඒ ඩිංගට යුගාන්ට කිරි එකක් හදන් ඇවිත් දුන්නා .

කිරි එකත් අතට ගත්තු යුගාන් උණු උණුවෙන්ම කිරි එක බොන්න ගත්තේ කිරි නිවුනායින් පස්සේ එන අමුතු එල ගතියට යුගාන් අකමැති උනු නිසා .  කිරි එක බොන අතරෙම යුගාන් වත්ත දිහාවට ගියේ අම්මා එතන ඉන්නවා ඇතී කියලා හිතලමයි . ඒ වගේම යුගාන් වත්තේ කෙලවරට යද්දි යුගාන්ගේ අම්මා හිටියේ හෝස් බටෙන් මල් පැල වලට වතුර දාන ගමන් . යුගාන් කිරි එකත් උස්ස ගෙනම තමන්ගේ අම්මා ගාවට ගිහින් අම්මගේ කරෙන් අතක් දා ගත්තා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now