• විසිපස් වන දිගහැරුම •

466 117 111
                                    

" ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න "

* Beep Beep *

තීනු උදේ නැගිට්ට වෙලේ ඉදන් යුගාන්ට කෝල් කරත් යුගාන් නම් ෆෝන් එක ආන්සර් කලේ නැහැ . පුපුර පුපුර හිටපු තීනු තමන්ගේ ෆෝන් එකත් ඇදට විසික් කරලා කොට්ටේ බදා ගත්තේ යුගාන්ට මොන කෙංගෙඩියක් උනාද කියලා හිතන ගමන් . කලින් දවසේ කැම්පස් එකේ වෙච්චි දේත් එක්ක යුගාන් තීනුව කෙයා කරන එක අඩු කරලා කියලා තීනුගේ වැලි කැටයක් තරම් සයිස් තඩි මොලේට තේරෙන්න ගත්තා .

ඇත්තටම යුගාන් තීනු ගැන කෙයා නොකර හිටියේ නැහැ . යුගාන් හැම වෙලාවෙම තීනුව කෙයා කලා ඒත් තීනුමනේ යුගාන්ව පඩේකට ගනන් ගත්තේ නැත්තේ .. දැන් ඉතිම් ඒ සිද්ද උනු දේවල් වල අනිත් පැත්ත වෙද්දි තීනුට නම් ඉන්න බැරි උනා . තමන් යුගාන්ට බෙදපු හැන්දෙන් යුගාන් තමන්ට බෙදන්න ගද්දි වැඩියෙන්ම රිදුනේ තීනුට . හැබැයි යුගාන්ට ෆෝන් එක ආන්සර් කරන්න බැරි තරමටම තියෙන අමාරුව මොකක් උනත් තීනු නම් හිටියේ යුගාන්ව මරන් කන සයිස් එකෙන් .

" මට තිබුනා තීර්ථ කියපු දේ අහලා වෙන මංගල්‍යක් කර ගන්න කොහෙද මාත් පුකේ අමාරුවට මේ ගෝතයා එක්කම සෙට් උනානේ .. උබට හොද වැඩේ තීනු !! හොදම වැඩේ !! තිරිසන් ගෙරියට මගේ කෝල්ස් ආන්සර් කරන්න බැරි තරමටම පකේ ලොකුකම ඕකව අහු උනොත් පගයගේ ඇටේ ඉදන් පට්ට ගහලා පුකේ ඉදන් හැට්ට මහනවා "

තීනු තමන් බදා ගෙන ඉන්න කොට්ටේ හප හපම යුගාන්ට බනින්න ගත්තා . කොච්චර යුගාන් එක්ක මරා ගත්තත් තීනුට යුගාන් නැතුව ඉන්න බැහැ . ඒක තීනු පිළිගන්න අකමැති උනත් ඒත් ඒක තමා ඇත්ත . කොට්ටේ අල්ලලා කාමරේ මුල්ලට විසික් කරපු තීනු ඇදේ ඉදන් දෙකට කැඩිච්ච ඉස්සෙක් වගේ දගලන්න ගත්තා . තරුණ අසහනයට බෙහෙත් නැහැ වගේ තීනුගේ අසහනය හොද කරන්නත් බෙහෙත් තිබුනේ නැහැ .

" උබට මගේ කෝල් ආන්සර් කරන්න බෑනේ ?? මං එන්නම් උබලගේ ගෙදර හිටපන්කෝ !! "

ඇදෙන්න පැන්න තීනු මේසේ උඩ තිබුනු තමන්ගේ කැප් එකත් ඔලුවට දාගෙන වෙඩිල්ල වගේ පහලට ආවා . කැම්පස් නැති දවසට දඩාවතේ යන සුනඛයෙක් වගේ තීනු හැම රෙද්ද අස්සෙම රිංගන නිසා තීනු එලියට බැහැලා යන දිහා තීනු ගේ අම්මා ඉනටත් අත් දෙකත් තියන් බලන් හිටියා . කාලෙකට පස්සේ තීනු තමන්ගේ බයික් එකත් සර්විස් කරන්න දාලා තිබුනු නිසා යුගාන්ලගේ ගෙදරට තීනුට පයින්ම බඩ ගාන්න සිද්ද උනා 

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now