• අට වන දිගහැරුම •

566 139 53
                                    


" තීනු ?? "

" හ්ම් ?? "

" සිරාවටම අහන්නේ තමුසේ ඇයි මට මේ තරම්ම අකමැති ? "

තවමත් තීනුව බදන් ඉන්න යුගාන් තීනුගේ ඔලුව අත ගාන ගමන් අහද්දි තීනු යුගාන්ගේ පපුවට අතක් තියලා යුගාන්ගෙන් ඈත් උනා . මෙච්චර වෙලාවක් තීනු යුගාන්ගේ පපුවට හිර වෙලා ඉද්දි තීනුට දැනුනේ යුගාන් ගාවදි ආරක්ෂාවක් විතරමයි . ඒ වගේම යුගාන් බැන බැනම හරි කරන්නේ තමන්ව ඒ ආරක්ෂාවට නතු කර ගන්න එක කියලා තීනුට තේරුන් ගියා .

" මොකද දැන් එක පාරම ඒ වගේ දෙයක් මගෙන් ඇහුවේ ?? "

" ට ඕනේ නිසානේ අහන්නේ කියනවකෝ ඉතිම් "

" මම තමුසෙට අකමැති තමුසෙ අමු මදාවියෙක් වගේ හැසිරෙන නිසා අනික තමුසේ හෙන නපුරුයි හරිම පණ්ඩිතයි තව තමුසෙ කැතයි "

යුගාන් මදාවියෙක් නපුරු පණ්ඩිතයෙක් කියලා කියන්න පුලුවන් උනත් යුගාන් කැතයි කියලා නම් කියන්න බැහැ මොකද යුගාන්ගේ ලස්සනට කොච්චර කෙල්ලෝ නම් යුගාන්ගේ පස්සෙන් එන්න ඇතිද ඒත් ඒ කිසිම කෙනෙක්ව ගානකට වත් නොගෙන යුගාන් ඉන්නේ තීනු නිසාමයි . ඒක ඉතිම් තීනු නොදන්න දෙයක් නෙමේ ඒත් මෝඩ තීනු යුගාන්ට කිව්වේ අතේ මාට්ටු වෙන තඩි පචයක් .

" මම කැත උනත් මොකද තමුසෙ තරම් කැත නෑනේ "

" ආර්හ් මූ යකෝ මම කැතයි නම් තෝ ලස්සන එකෙක් එක්ක යාලු වෙයන්කෝ මට වද දෙන්නේ "

" මම ආස කැතයොන්ට "

යුගාන් තමන්ගේ තොල් තද කරන් හිනාව කා ගෙන කියද්දි තීනු යුගාන්ගේ උඩ ඉදන් පහලට බැලුවේ යුගාන්ට රවන්න අමතක නොකර . වැලි කැටයක තරම් දෙයක් තිබ්බත් ඇති තීනුට නම් ඇවිස්සෙන්න . යුගානුත් ඉතිම් කොහොමත් කැමති තීනුව අව්ස්සන්න නිසා හැම වෙලාවෙම උනේ තීනුයි යුගානුයි මරා ගත්තු එක . කොච්චර මරා ගත්තත් ඉතිම් යුගාන්ට තීනු නැතුව නම් බැහැ . තීනුට උනත් යුගාන් එක්ක එල්ලෙන්නේ නැතුව හිටියොත් නිකන් කෑවේ නැහැ වගේ .

" තමුසෙ නම් මහ පකයෙක් ඕයි මට ඔච්චර ආදරෙයි නම් තෝ කොහොමද මගේ මූණ දිහා බලන් ඔහොම කතාවක් කිව්වේ "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now