• නම වන දිගහැරුම •

625 131 35
                                    

හස්නා කොළඹ එන්න උදේම කෝච්චියට නැග්ගා කියලා පණිවිඩේ දුන්නු නිසා යුගාන් ටිකක් දවල් වීගෙන එද්දි නුගේගොඩ ස්ටේෂන් එක ගාවට කාර් එකෙන් ගියේ හස්නව ගෙදර එක්කන් එන්න . ස්ටේෂන් එක පිටි පැස්සේ දිහායින් කාර් එක නතර කරලා යුගාන් ස්ටේෂන් එකේ ඇතුලට යද්දි බෑග් දෙක තුනකුත් එල්ල ගත්තු කෙල්ලෙක් වටේම හැරි හැරි කාවදෝ හොයනවා . යුගාන් නිකමට ඒ කෙල්ල දිහා බලද්දි තමයි දැක්කේ ඒ ඉන්නේ හස්නා කියලා .

හස්නා තමන්ටත් කලින් ඒවී කියලා නම් යුගාන් කීයට වත් හිතුවේ නැහැ . කෙල්ල ඔය හැරි හැරී හොයන්නේ තමන්ව කියලා දන්න නිසාම යුගාන් අඩියට දෙකට හස්නා ගාවට ලං උනා . යුගාන්ව දැක්ක හැටියෙම හස්නා ගෙන් ලැබුනේ එච්චර හොද ප්‍රතිචාරයක් නම් නෙමේ . යුගාන් එන්න පරක්කු උනු නිසා හස්නට ස්ටේෂන් එකට වෙලා පැයක් විතර බලන් ඉන්න සිද්ද උනා . තිබුනු තරහට යුගාන් හස්නා ගාවට හිනා වෙවී එද්දි හස්නා තමන්ගේ කරේ තිබුනු බෑග් එකෙන් යුගාන්ට දමලා ගැහුවා .

" ආව්ව් මොකද ගෑනියේ ගහන්නේ ?? "

" තොපි නම් මහ පුදුම අයියලා තමා !! මම පැයක් විතර මෙතන අනික තමුසෙ ෆෝන් එක ඕෆ් කරන් මොන ලබ්බක්ද කරන්නේ ?? "

හස්නා යුගාන්ට කෑ ගහද්දි තමා යුගාන්ටත් මතක් උනේ දවල් ගේම් ගගහා ඉද්දි තමන්ගේ ෆෝන් එක ඕෆ් වෙලා ගියපු වග . කොහොමත් දැන් හස්නගෙන් බැනුම් කෝටියක් අහන්න සිද්ද වෙනවා කියලා නම් යුගාන් හොදටම දැනන් හිටියා . හස්නා තමන්ගේ ඉනට අත් දෙකත් තියා ගෙන යුගාන් දිහා ඇස් හීනි කරලා බලද්දි යුගාන් හස්නගේ කරට අතක් දා ගත්තේ හස්නගෙ රැවිලි අතරෙමයි . හස්නට නම් වෙලාවට වැඩ කරන්නේ නැති උන්ව ඇස් දෙකට පේන්න බැහැ ඒක තමන්ගේ අයියා උනු යුගාන්ට කියලා නම් වෙනසක් උනේ නැහැ .

" හරි හරි බං මං කොහොම හරි ආවනේ දැන් කෝ ඔය බෑග් ටික දෙනවා මට !! "

හස්නගේ අතෙයි කරෙයි තිබුනු බෑග්ස් දෙක යුගාන් බලෙන්ම වගේ තමන්ගේ අතට ගත්තා . පැය ගානක් කෝච්චියේ ආපු නිසා හස්නා නම් හිටියේ ගොඩක් මහන්සියෙන් . ඒක නම් කෙල්ලගේ මූණ දැක්කම ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් . යුගාන්ට එයාගෙම කියලා නංගි කෙනෙක් නැති උනත් කොල්ලා නම් හස්නට පණ ඇරලා . වැඩිය ඕනේ නැහැ තීනුගේ නංගි මන්දාරමීට පවා යුගාන් හරි ආදරෙයි .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now