උදේ ඉඳන් චුරු චුරු වැස්ස තාම ඉවරයක් නැ... ගෙදර යන ගමන් මම කම්මැලි කමටත් එක්ක පපාගේ hotel එකට ආවේ සාමාන්‍ය customer කෙනෙක් විදිහට.මෙතන ඉන්න සමහර අය මාව දන්නවා උනාට ගොඩක් අය මාව අඳුරන් නෑ.. ජනේලයක් ගාව ටේබල් එකක ඉඳගත්ත මං කොෆී එකක් ඕඩර් කලා.මේ මූසල වැසි ටයිම් එකට කියාපු දෙයක් තමයි කොෆී කියන්නේ...
ටික වෙලාවකින් වේටර් කොෆී එක අරන් ආවා..ටික වෙලාවක් නෙවේ සැලකිය යුතු වෙලාවක් ගියා. පපාට කියන්න ඕනි මේකේ service එක අන්තිමයි කියලා. වේටර් දිහාට බැල්මක් දාපු මම කොෆී එක අරන් බොන්න පටන් ගත්තා. මට ඉස්සරහ කණුවේ ගහලා තිබුන ඔරලෝසුවේ වෙලාව 4.25 යි කියලා තිබුණා.මහ ලොකුවට හවස් වෙලා නෑ..ඒත් වැස්ස හින්දා ගොඩක් හවස් වෙලා වගේ පරිසරය අඳුරු වෙලා කියන එක මං ජනේලෙන් දැක්කා.
කැෆේන් රස විඳ විඳ හිටපු මගේ ඇස් ගියේ එහා කෙලවරේ තිබ්බ ටේබල් එකට.එතන පොඩියට birthday එකක් සමරනවා. කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි. පේන්න තිබ්බ විදිහට කොල්ලයි කෙල්ලයි කපල් එක.ඒකනේ උන් දෙන්නා කරට අත දාගෙන ඉන්නේ..අනික් කෙල්ල යාළුවෙක්.
කෙල්ලො දෙන්නා ලස්සනයි...ඒත් ඒ කොල්ලා ඊට වඩා ගොඩාක් ලස්සනයි.මගේ හිත හෙල්ලිලා යන්න තරම් කියුට් ලස්සනක් එයාට තිබ්බේ.මෙච්චර කාලෙකට මාත් එක්ක කෙල්ලො කී දෙනෙක් ඉඳලා ඇතිද.. ඒත් ඒ හැමෝටම වඩා මේ කොල්ලා ඉස්සරහින්.