"ආහ් පුතා ...මේ කව්ද"
මමා ඇහුවෙ යීබෝව පෙන්නලා වෙනකොට එයා 'මං මොකද්ද කියන්නේ' වගේ බැල්මකින් මං දිහා බැලුවා.
" මේ යීබෝ.. මගේ යාලුවෙක් මමා .අද එයා මෙහෙ ඉන්නේ"
යීබෝ දාගෙන හිටපු මාස්ක් එක ගලවලා අපේ මමා එක්ක දත් තිස්දෙකම දාලා හිනාවුනා.
"හෙලෝ ආන්ටි.."
"අනේ හරි ලස්සන කොලු පැටියෙක්..පුතාගෙ වයස නම් වෙන්න බෑ... ඔය මොකද මූණේ පැත්තක්..."
මමා කතාවෙන් කතාවෙන් යීබෝ ලඟට යන්න හදපු එක මං මැද්දෙන් පැනලා නැවැත්තුවෙ යීබෝගේ මූණේ හිටලා තියෙන මගෙ ඇඟිලි පාර දැක්කොත් කියලා.
"මමා එයාට මහන්සියි..වොශ් එකක් එහෙම දාගෙන එයිනේ එතකොට කතා කරන්න."
"පොඩ්ඩක් කතා කලා කියලා මොකද වෙන්නේ පුතා.."
මමා නවතින පාටක් නෑ වගෙ..ලඟට ගියොත් ප්‍රශ්න පත්තරයක් අහයි.ඒ හින්දා මං යීබෝගේ අතින් ඇදගෙන පඩිපෙල දිහාට ගියා.
"ගගා ඇදගෙන යන්න එපා අනේ.."
"කටවහගෙන එනවා.."
මං එයාව ඇදගෙන මගේ කාමරේට ආවා. එයා කැරකි කැරකි මගේ කාමරේ වටේම බැලුවා.
"යීබෝ වොශ් එකක් දාගෙන එන්න. අර අතනින් ඇඳුමක් ගන්න..මං පහලටගිහින් එන්නම්.."
මං පහලට යනකොට මමා අත් දෙකට පපුවට බැඳගෙන මං දිහා හරි අමුතුවට බලන් හිටියා.
"පුතා ඒ ආවේ යාළුවෙක් නෙවෙයි නේද?"
"ඇයි මමා එහෙම අහන්නේ? "
"නැහ් ඉතිම් ඔයාට මෙතුවක් කාලෙකට ඔයාට ඔච්චර හුරුබුහුටි යාළුවො ඉඳලානෑනේ... ඔක්කොම ඔයා වගේ මදාවියොනේ ආස්සරේ කලේ...අනික ඒ ලමයා ඔයාට වඩා ගොඩක් බාල පාටයි"
"අනේ නිකම් ඉන්න මමා... කතා හදන් නැතුව"
"ඇත්ත කියන්න ඒ මගේ බෑණා පොඩ්ඩ නේද?."
"පිස්සුද මමා ..මොනවද කියවන විකාර යීබෝටත් ඇහෙයි"
"ම්ම්ම්ම්ම් සැක සහිතයි..."
"විකාර..."
මං මමාටත් ගස්සගෙන කාර් එක ගාවට ආවේ ගෙනාපු බඩු ටික අරගන යන්න.එක අතකට යීබෝව ගෙදර එක්කම් ඇවිත් මං කලේ මොන මෝඩ කමක්ද කියලා හිතෙනවා. ඇයි පිලිගන්න බැරි ඒ මගේ යාළුවෙක් කියලා. මමා මෙහෙම නම් අක්කා කොහොම කියයිද..? එතකොට පපා...? අම්මටසිරි වෙන්න පපා එදා cctv දැක්කා කිව්වනේ යීබෝව අඳුරගනීද දන් නෑ.. ශිට් මට මීට වඩා දුර දිග හිතන්න තිබ්බා. කොහේද ඉතිම් යීබෝ තනියම කිව්වම මගෙ හිත උණු උනානේ.