Chapter 09💞

1K 210 32
                                    

මං යීබෝ එක්ක වොශ් රූම් එකෙන් එලියට ඇවිත් එයාගේ කරට අතක් දගත්තා.

"මොනාද කරන්නේ ? අත ගන්න..."

"සද්ද වහලා එනවා"

මං එයාව මගෙ යාළුවෙක් විදිහට මං හිටපු ටේබල් එකට එක්කන් ආවා.අරකි ලඟ ඉන්න පුළුවන් නම් මං ලඟ පොඩ්ඩක් ඉඳගෙන හිටියම මොකද වෙන්නේ. අනික මේ ප්‍රසිද්ධියේ මං මොකුත් කරන් නෑනේ ..පොඩ්ඩක් ලඟින් තියාගන්නවා විතරයි.

අපි දෙන්නා එනකොට  ශූයාගේ ඇස් නම් වෙනස් උනා හරියට මගෙන් 'උඹට පිස්සුද ' අහන්න වගේ. ඒත් අක්කා නම් යීබෝට හිනාවක් දීල පිලිගත්තා.

"කව්ද මල්ලා මේ ? ඔයාගේ යාළුවෙක්ද ?"

"ඔව්.."

"මොකද්ද මෝඩයෝ ඔව් විතරක් කියලා නිකම් ඉන්නේ ඔයාගේ අක්කට introduce කරලා දෙන්නේ නැද්ද යාළුවව?"

අක්කටත් ඉතින් ඕන්නැති එකක් නෑනේ. අර ශූයා එක්ක මලක් කඩාගෙන ඉන්නේ නැතුව එනවා මෙතන මගෙ යාළුවො ගැන හොයන්න.

"ආහ්...මේ ඉන්නේ යීබෝ.. එයා birthday girl ගෙ වයසෙ. Part time මේ හොටෙල් එකේ වැඩ කරනවා. යීබෝ මේ ඉන්නේ මගේ  අක්කා ziyi."

මං දෙන්නට දෙන්නව අඳුන්වලා දුන්නා නැත්තම් බෑනේ... මෙතන අක්කා මැරෙන්න හදනවනේ.

"හායි පැටියෝ.. ඔයා හරිම ,cute "

"හායි අක්කා... හී තැන්කිව් අනේ"

යීබෝ අක්කා එක්ක හරි ලස්සනට හිනා උනා. මූට මං එක්ක විතරයි කටක් ඇරලා හිනාවෙන්න බැරි.අනික් හැමෝ එක්කම හිනා වෙන්න පුළුවන්.

අක්කට හායි කියපු යීබෝ ශූයා දිහාත් බලලා ආයෙම මං දිහා බැලුවෙ හරියට එයාට ශූයාව අඳුන්වලා දුන්නෙ නැති එකට නෝක්කාඩු බැල්මකින් වගේ.හරි මගුලක්නෙ යකෝ මේක.

"ම්ම්ම් අර ඉන්නේ ශූයැන්ග් .මගෙ අති ජාත මිත්‍රයො දෙන්නගෙන් එක්කෙනෙක්.ඒ වගේම මගෙ වෙන්ඩ මස්සිනා. මචං මේ ඉන්නේ යීබෝ.."

මං එහෙම කියද්දී අක්කා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.මල විකාර. ඕක යීබෝ දැනගත්තම මොකද වෙන්නෙ. තව ටික කාලෙකින් ඉතින් ඕක රහසක් නෙවෙයිනේ..

"හායි ශූයැන්ග් ගගා "

"හායි පොඩ්ඩෝ.. nice to meet you"

MY DOLL💋 (Completed)Where stories live. Discover now