Chapter 16💞

965 222 54
                                    

යීබෝව ගෙදර ගිහින් දාලා ආපු මං ගෙදර කට්ටියම එක්ක රෑට කන්න මේසෙට වාඩි උනා.පපා නම් කලින්ම කාලා එයාගේ රූම් එකේ නිදි වෙනකොට මේසෙට හිටියේ මමායි අක්කයි විතරයි .යීබෝට මමා කන්න ඉන්න කිව්වත් එයා බෑ කිව්වනේ..කමක් නෑ ඒකත් හොඳයි මොකද මට අදම මේක ගෙදරට කියන්න පුළුවන්.

"මමා..මට කියන්න වැදගත් දෙයක් තියෙනවා."

"ම්ම්ම් මොකද්ද පුතා ඒ"

"යීබෝ ගැන..."

"ඔව් ඉතින් යීබෝ.... මොකද්ද ?"

"මං අතින් එයාට කරදරයක් උනා මමා"

"කරදරයක්? මොන කරදරක්ද පුතා තේරෙන්න කියන්නකො"

මං හොඳ හුස්මක් අරගෙන කතා කලා.

"ඒ කියන්නේ we selpt  together මමා.එතනදි  මං අතින් බලහත්කාරකමක් උනා."

"මොකක්"//

අක්කගෙ අතේ තිබ්බ චොප්ස්ටික්ස් බිම වැටෙද්දී දෙන්නම මං දිහා පුදුමෙන් බැලුවා.

"මල්ලා තමුසෙට පිස්සු හැදිලද?"

"උඹ මොකද්ද මේ කරපු අපරාදෙ කොල්ලො ? එහෙනම් ඒ ලමයා තාම ඔයත් එක්ක ඉන්නෙ ඇයි? එච්චර හරියක් කරලත්?"

"එයා මට බයයි ඒකයි..."

"ඒ කියන්නේ උඹ ඒ ලමයව ශාරිරිකව මානසිකව දෙකෙන්ම දූෂනය කරලා..හනේ දෙයියනේ මේ මොකෙද්ද? මූ මගේ පුතෙක්ද ziyi?"

එසැනින් මමාගේ අතේ තිබ්බ චොප්ස්ටික්ස් පාවෙලා ඇවිත් මගේ මූණේ වැදුනා.

"අහන්නකො මමා..දැන් තත්වෙ වෙනස්.. මං එයාට ආදරෙයි මමා"

"එතකොට දැන් ඔය දෙන්නා අතරෙ සම්බන්ධයක් .....?"

"තවම නැ...ඒත් මට ඕනි වෙච්ච වැරැද්ද හදාගන්න.එයාව මගෙ ලඟින් තියාගෙන ආදරේ කරන්න."

"ඒ ලමයා කැමති වෙන එකක් නෑ ...දැන් උඹ නටපන් පුතේ ..අසමජ්ජාති වැඩ කරලා මෙතන ,මං උඹට"

මමා මට ගහන්න හොදි දීසියක් උලුක් කරන් එද්දී මං මගේ හිස් පිඟාන් පලිහක් විදිහට හැරෙව්වා .මේසේ පුරා හොදි හැලෙද්දී මමා මට ආයෙම ගහන්න මේසේ උඩ බඩු හෙව්වා.

"මමා.. මට එයාව marry කරන්න ඕනි මමා. එයාව වෙන කෙනෙක්ගේ වෙන්න දෙන්න බෑ."

MY DOLL💋 (Completed)Where stories live. Discover now