(දින කිහිපයකට පසු..)
(Zhan' pov)
තමන්ගේ රටට ගොඩ බැස්සම දැනෙන්නේ පුදුම සැනසීමක්..හරියට ගෙදර ආවා වගේ. මාව ගන්න ශූයා airport එකට ඇවිත් හිටියා.
"පපාට කොහොමද බන් දැන් ?"
"පපා හොඳින් ශානා..ටිකට් කපලා ගෙදර එක්කන් ආවා.උඹ එහේ වැඩ ටික සෙට්ල් කලාද?"
"ඔව් ඔව් බන් ඒවා ඔක්කොම හරි ."
"මොනාද බන් මෙච්චර බඩු තොගයක් අරන් ආවේ? මේවෑ මොනාද තියෙන්නේ?"
ශූයා එක බෑග් එකක් අරින්න හදද්දී මං ඒක ඇඳලා ගත්තා.
"අදින්න එපා බන් . ඕවා යීබෝට ගත්තෙ මං"
"මේ සේරම???"
"ඔව් ....ඇයි උඹ ඔහොම බලන්නේ?"
"නෑ ඉතින්... නෑ මොකුත් නෑ බන්. මගේ කට නලියනවා .ඒත් මං කටපියන් ඉන්නම්කො"
"හ්ම්ම්ම් ..යමන්."
මං මේ දවස් ගානට තේරුම් ගත්ත දෙයක් තිබුනා.. ඒ තමයි මං යීබෝට ආදරේ කරනවා කියන එක.ඒක නිකම් ආසාවක් ආකර්ෂණයක් විතරක් නෙවෙයි.මං එයාට ආදරෙයී.. පහුගිය දවස් ටිකේ මට එයාව මතක් නොවුන එක තප්පරක් නැති තරම්..ඒ තරමට එයා මාව පිස්සු වට්ටලා. මං කොහොමහරි එයාව මගේ කරගන්නවා.
"මචං මේ උඹ මෙව්වා අරන් ආවට යිබෝට උඹව පේන්න බෑලු"
"කව්ද කියන්නේ?"
"උඹ ගැන කියන්න ගිහින් පොඩිඑකා බිනාගෙ කෑල්ලටත් බැනලා."
"ඒකත් එහෙමද ? මොනවද යීබෝ කියලා තියෙන්නේ ?"
"එයා මැරුනා කියන්න කිව්වලු"
"එහෙමද ? හරි මං ඒක බලාගන්නම්කො"
"එක අතකට පොඩි එකා සාධාරණයිනේ.. උඹ ඌට හිංසා කරනවනේ.."
"උඹ දන්න පකක් නෑ බන්..කට වහගෙන ඩ්‍රයිව් කරපන් මගේ යකා අවුස්සගන් නැතුව"
එතනින් එහාට ශූයා වචනයක් වත් කියාගෙන ආවේ නෑ.මාත් වචනයක් වත් නොකියා ඒ වෙනුවට යීබෝට කෝල්ගන්න ට්‍රයි කලා.එයාගේ ෆෝන් දැන් වැඩ ....ඒත් එයා කට් කලා. කෝල් එකක් දෙකක් නෙවෙයි ගන්න ගන්න කෝල් එක කට් කලා. අවසානෙදි මං එයාට මැසේජ් එකක් දැම්මා .