Chapter 18💞

913 198 31
                                    

"කෝ දැන් නැගිටින්න යීබෝ..."

දැන් ගොඩ වෙලාවක ඉඳන් එයා මගේ පපුවට තුරුල් වෙලා නිදි. නිදි කිව්වට ඒක හොර නින්දක්.

"අනේ ඉන්න දෙනවකො ගගා..ම්හුක්"

"අපි ගෙදර යන්නේ නැද්ද මැණික ? දැන් හවස් වෙලාත් එක්ක."

"අනේ නිකම් ඉන්න ගගා. ඉස්සර නම් මාව බලෙන්ම රැයවල් ගනන් ගෙනත් තියාගන්නවා. දැන් පොඩ්ඩක් මාව ලඟ තියන් ඉන්න බෑ. මං ආදරේ ඉස්සර හිටපු ගගාට මිසක් දැන් මේ ඉන්න මාව පැත්තකට කරලා දාන්න හදන විකාර කාරයාට නෙවෙයි .අන්න එක ම්බ්ම්හ්.."

එයාගේ වචන මගේ කට ඇතුලෙම හිර වෙද්දී මං එයාගේ ලිප්ස් වේගෙන් වේගෙන් උරන්නගත්තා.එයාත් මගේ බෙල්ලේ එල්ලිලා මට හවුල් උනා.ඒක තමයි එයාගේ කට වහන්න පුළුවන් සරලම හා ලේසිම ක්‍රමේ.

අපේ kiss එක මගින් නවත්තපු මම එයාව උස්සගෙනම පුටුවෙන් නැගිට්ටේ ඒ මූණ බෙරි වෙලා යද්දී.

"අපි යනවද? "

"හෙට අළුත් රෙස්ටුරන්ට් එකක opening එකක් තියේ මැණික ..මං ඒක පොඩ්ඩක් බලන්න යන්න ඕනි."

"අළුත් එකක් ? මාත් එන්නද ?"

"ඔයා නෑවිත් කොහොමද doll? ඔයා අනිවාර්යෙන්ම එන්න ඕනි."

"එහෙනම් අපි දැන් මෙහෙන් යමු ගගා.. ඔයාට වැඩත් ඇතිනේ... අලුත් එක කොහෙද තියෙන්නේ ?"

"ඔයා කිව්වට දන් නෑ.. උදේ 8.30 වත් වෙද්දී ලෑස්ති වෙලා ඉන්න.මං ගෙදරට එනවා ඔයාව ගන්න"

"කොහෙද කියන්නකො ගගා ...මං දන් නැති තැන් තියෙද මේ ටවුන් එකේ ?"

".........................."

"ගගා කියන්නකෝ...මං දන්නවද නැද්ද කියලා ඔයා දන්නේ කෝමද ඈහ්? මට තැන කියන්නකෝ"

"........................."

"ඈහ් ඈහ්...?"

".........................."

"ගගා ගගා.. කටේ පිට්ටුද? ගගා කි..."

"ඔය කච කචේ නැවැත්තුවෙ නැත්තම් ඇත්තමයි පුතෝ බිමට අතාරිනවා හොඳේ."

මං එච්චරයි කිව්වේ එයා එක පාරක් බිම බලලා මගේ බෙල්ල එයාගේ අත්වලින් ඔතාගෙන තදට අල්ලගත්තා වගේම මගේ ඇඟේ මූණ ගහගත්තා. මං එයාව වඩාගෙනම පල්ලෙහාට ගියා. එයා සැරින් සැරේ මගෙ මූණ දිහා බලනවා මං ඇස් කොනින් දැක්කා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now