Chapter 26💞

778 179 36
                                    

Yibo's pov

ඇස් ඇරපු ගමන් මං දැක්කෙ සුදුපාට සිවිලිමක්.මං  මේ කොහෙද ඉන්නේ? මට.. මට මොකද්ද උනේ?  අර හියුන් ගගා එක්ක රණ්ඩු වෙද්දී මිනිහා මගේ මූණට ලේන්සුවක් තද කලානේ.. ඔව් මට එච්චරයි මතක. මං ඔලුව හරවලා වටපිට බැලුවා. මං හිටියේ ටිකක් ලොකු කාමරයක ඇඳක් උඩ. ඇඳලඟ ටේබල් එකක් තිබුනා. ඒක උඩ රෝස මල් පුරවපු වාස් එකක්. පේන විදිහට ඒවා fresh මල්. ඊට එහායින් පියනකින් වහපු  වතුර වීදුරුවක් තිබ්බා.. මං දැක්කේ හරියට වතුර වීදුරුව මට කතා කරනවා වගේ ... මොකද ඒ තරම් පිපාසයක් මට තිබුනේ.

පැනපු ගමන් මං වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා. ඒත් මොකද්ද මේ එන දම්වැල් සද්දේ? එතකොටයි මං මගෙ කකුල් දෙක දැක්කේ. මොනවාහ්...!  මාව දම් වැලකින් ගැටගහලා දාලා හරියට  සතෙක් කූඩු කරලා වගේ. මේ හියුන් ගගා ... නෑ ...මට මෙහෙම සලකන එකාට මොකටද නෑකම් කියන්නේ. මගෙ හිත කිව්වෙම එහෙම.

ශාන් ගගා කියපු දේ මට අහන්නයි තිබුනේ.. එයා මේ නිසා වෙන්න ඇති හියුන්ගෙන් මාව ඒ දවස් වල සෑහෙන පරිස්සම් කලේ.. මැසෙජ් ආපු අලුත් නම්බර් එකේ ප්‍රොෆයිල් පොටෝ එක හියුන්ගෙ කියලා දැන ගත්ත ගමන් බ්ලොක් කරන්න තිබුනෙ.හියුන් කියන්නෙ මානසික ලෙඩෙක්ද කොහෙද.....

ශාන් ගගා ඉස්සර මාව කී පාරක් නම් බලෙන් එයාගෙ ගෙදරට එක්කන් ගියාද.. ඒත් එකමඑක දවසක් වත් මට මෙහෙම සලකලා නෑ. මුල් දවස් වල උනත් මං මට කැමතිවිදිහට එයාගේ ගෙදර හිටියා... පස්සෙ පස්සෙ මගෙ ගෙදර එයා ඉන්නව වගේ තමයි එයා හැසිරුනේ.. හැමදේම මට ඕනි විදිහට එයා කලා. 

හියුන් මට ආදරෙයිලු ...ඒත් මේකද කෙහෙල්මල් ආදරේ??? 

මං ඇඳෙන් බිමට බැස්සා.. මගේ කකුල් දෙකම දම්වැල් වලින් ගැටගහලා උනත් මට ඇවිදින්න පුළුවන්.. හැබැයි ටිකක් දුරට යනකම් විතරයි. මොකද්ද දෙයියනේ මං මේ ගෙවන කරුමේ?

එතකොටම දොර ඇරුනා...

"ආහ්... baby ඔයා නැගිට්ටද?"

"මං තමුසෙගෙ බේබි නෙවෙයි..මට යන්න දීපන්..."

"Never.. මං ඔයාට කරදර කරන්නෙ නෑ.. just relax baby"

"මාව සතෙක් වගේද පේන්නෙ මෙහෙම ගැටගහලා තියන්න ආහ්?"

"මොනාද මේ අහන්නේ යීබෝ.. ඔයා සතෙක් නෙවෙයි ඔයා තමයි කාලෙකට පස්සෙ මගේ හිත හොල්ලපු කෙනා.  But ,i like this way "

MY DOLL💋 (Completed)Where stories live. Discover now