Chapter 06💞

1K 185 21
                                    

ලස්සන දවසකට ඉර පායලා තියෙද්දී මං උදෙන්ම නැගිට්ටා. උදේ වරුවේ ගමන් බිමන් මොකුත් තිබ්බෙ නැතත් මගෙ පුරුද්ද උදේම ඇහැරෙන එක වෙනකොට මං වොශ් එකක් දාගෙන පහලට  ගියා.මමායි පපායි දෙන්නම කෑම කනවා. මාත් එයාලට එකතුවෙන්න හිතාගෙන මේසෙන් ඉඳගෙන කෑම බෙදාගත්තා.

"ගුඩ්මෝනිම් පුතා"

"ගුඩ්මෝනිම් පපා...ගුඩ්මෝනිම් මමා"

"කොහොමද ඉතින් හොටෙල් එකේ වැඩ කටයුතු එහෙම?"

"වරදක් නෑ පපා කරන් යනවා ඉතින්"

"වෙලාව තියෙන එකේ මගෙ බිස්නස් වැඩ වලටත් උදව් කලා නම් මොකද වෙන්නේ?"

"අපෝ...මට මේ ඇති පපා.. "

"එහෙම කියලා බෑනේ ඔයා ගෙදර එකම කොල්ලනේ.ඔයා මේ දේවල් ගැන බලන්න ඕනි.. මේවා පරම්පරාවෙන් අපිට ආපු බිස්නස්"

"ඉතින් පපා හොඳ බෑණෙක් හොයාගන්න වැඩේ ඉවරනේ.."

"බෑණා කිව්වම මතක් උනේ...මං පුතාගෙන් අහන්නමයි හිටියෙ.."

"මොකද්ද පපා?"

"මොකද්ද අර කොල්ලෙක් එක්ක මගෙ හොටෙල් එකේ වොශ් රූම් එකක් අස්සෙ කලේ?"

"මොන?"

"මං දැක්කා cctv "

"අපෝ පපාටත් ඕන් නැති එකක් නෑනේ.. වොශ් රූම් අස්සෙත් cctv තියලා.ඕවා මහ කැත වැඩ"

"දැන් ඒක නෙවේනේ මෙතන කතාව.පුතා කොල්ලන්ට කැමතිද?" 

"මොනවා! පුතා මට ගේන්නේ බෑණෙක්ද එතකොට?"

හරිනෙ අමාරුව .පපාගෙන් බේරෙන්න පුළුවන් උනත් මමාගෙන් බේරිලා හමාරයි. එයාටත් කොලුකාර සීන් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ.පපා ඇහුවේ විහිළුවට වගේ උනාට මමා නම් ෆුල් සීරියස්. අනේ දෙවියනේ මාව මෙතනින් බේරගන්න....

"අනේ මල්ලා මාව ගිහින් දානවකෝ... හොඳටම පරක්කුයි..."

ආහ් අර එන්නේ මගේ ගැලවුම් කාරි බැබලි බැබලි.අක්කා කෝණ්ඩේ හද හදා මට එයාව ගිහින් දාන්න කිව්වා. මටත් ඉතින් දැන් ඊට වඩා සතුටක් නෑ..

"බෑ කියන්න නම් එපා ඕයි.. ඔය ඇඳුම හොඳයි."

අක්කා මං ගෙදරට ඇඳන් ඉන්න ඇඳුම දිහා බලලා ආයෙම කිව්වේ හරිම බැගෑපත් මූඩ් එකකින්.

MY DOLL💋 (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें