Chapter 10💞

1K 208 42
                                    

උදේ මං ඇහැරෙද්දී යීබෝගේ ඇස් මං දිහාට වැටිලා තිබුණා.මං ඇස් අරින එක එයා බලාපොරොත්තු නොවුන දෙයක් වගේ ඒ ඇස් ගැස්සුනා වගේම එයා උඩ සිවිලිම දිහා බලාගත්තා. හරියට මං දිහා ගොඩ වෙලාවක් බලන් ඉඳලා දැන් එහෙම නෑ කියලා පෙන්නන්න හදනවා වගේ. ඒ ඇස් වල නිදි මතක් ගෑවිලා වත් තිබුනෙ නෑ... එක්කෝ එයා මල පාන්දර ඇහැරිලා.. එහෙම නැත්තම් නිදගෙන නෑ... ඇස් වටේ දිහා බැලුවම නම් පේන්නේ නිදාගෙන නෑ වගේ..

"මුලු රෑම ඇහැරගෙන අල තැම්බුවද ?"

"ශාන්..."

තවමත් මගේ අතකට හිර වෙලා සිවිලිම දිහා බලන් ඉන්න එයා මං දිහාවත් නොබලා මට කතා කලා.

"ම්..."

"ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද?"

ඔය ඇහුවෙ ඉඳලා ඉඳලා ප්‍රශ්නයක්... මෙච්චර කාලයක් ලව් මලඉලව් පටලගන් නැතුව තනිකඩව හිටපු මම සදා අසරණයිනේ ඉතින්.

"නෑ යීබෝ"

"ඇත්තටම....? යූබින් ගගාගේ වයස නේද ?"

"ඔව් ඔව්... මට නිකම් සමවයසෙ එකෙක්ට වගේ ශෑන් ශෑන් ගෑවට මං තමුන්ට වඩා 8ක් වැඩිමල්"

කතාවෙන් කතාවෙන් මං හිතේ තිබ්බ දේකුත් මූනටම අතෑරලා දැම්මා.

"හරි පුදුමයිනේ..."

"මං ආසා නෑ යීබෝ සම්බන්ධකම් අස්සෙ හිරවෙන්න. මට මේ නිදහස් ජීවිතේ මාර සැනසීමයි .අනික් උන්ට ලව් නිසා තියෙන ප්‍රශ්න දිහා බැලුවම. කාගෙන් වත් බාධාවක් නෑ මට ඕනි විදිහට ඉන්න පුළුවන් . Sex ඕනි මං කාවහරි යූස් කරනවා.ඊට පස්සෙ ඒක එතනින් ඉවරයි."

"හ්ම්ම්ම්"

"නිෂී ඔයාගෙ 1st ලව් එකද?"

"හ්ම් ඔව්.."

"ඔය දෙන්නා අතරේ physically සම්බන්ධයක් තිබ්බද?"

මං මගේ හිතේ තිබ්බ ප්‍රශ්නයක් එයාගෙන් ඇහුවා.

"නෑ...."

"අඩුම kiss එකක් වත්?..."

එයා මොකුත් නොකියා ඇහිබැම් රැලි කරගෙන මූණ හරවගත්තේ මං හිතපු දේ confirm කරලා.
එතකොට එයාගේ පලවෙනියා මම? . මං හිතන්නේ මං මෙහෙම කෙනෙක්ගේ පලවෙනියා උනාමද කොහෙද... මොකද ඉතින් මං මෙච්චර කල් use කලේ දාර බඩුනෙ.. ඒක ඇහුවම මොකද්ද මන්දා මට නොතේරෙන හැඟීමක් මගෙ හිතට ආවා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now