Chapter 23💞

854 193 32
                                    

Zhan's pov

යීබෝ අහන්නේ බලන්නේ මොකුත් නැතුව මං එක්ක තරහ වෙලා දිව්වා. ශිට්! කොහොමද මං එයාට මේක පැහැදිලි කරන්නේ.? ඔක්කොටම කලින් මං එයාව අල්ලගන්න එපැයි. යීබෝගෙ පස්සෙන් දුවපු මම ආයෙම ආපස්සට දුවලා කාර් එකට නැග්ගා.

එයාට ඇත්ත කියන්න වෙනවා ... ඔව් වෙන කරන්න දෙයක් නෑ. මං යීබෝගේ පිටිපස්සෙන් කාර් එක අරගෙන ගියා. අවසානෙදි එයා නැවතුනා.මහන්සියෙද කොහෙද එයා බස් හෝල්ට් එකේ කණුවක් අල්ලගෙන හති දානවා.මං කාර් එකෙන් බැහැලා ගිහින් එයාගේ අතින් අල්ලගත්තා.

"යීබෝ.. මං කියන දේ පොඩ්ඩක් අහන්නකො"

"මාව අතාරිනවා ... "

"මැණික., ඔයා හිතනවා වගේදෙයක් නෙවෙයි ඒක.ප්ලීස් මං කියන දේ අහන්නකෝ"

"මට මොකුත් අහන්න ඕනි නෑ.. මට යන්න දෙනවා"

දෙනෝදහක් මිනිස්සු ඉන්න පාරේ මගෙන් අයින් වෙන්න දඟලන එයාව මං බලෙන්ම hug කලා.

"පොඩ්ඩක් මං කියන දේ අහන්න යීබෝ.. නගින්නකො වාහනේට ම්ම්ම්ම්"

" ගිහිම් බදාගන්නවා අරකිව ... මාව අතාරිනවා."

මාව තල්ලු කරලා දාපු යීබෝ එතන නවත්තලා තිබිලා යන්න හදන බස් එකෙ එල්ලුනා.

"ශිට් ! "

මං මොකද්ද උනේ කියනකම් වත් හිටියෙ නෑනේ..හොඳයි පුතේ ඔහොම යන්කෝ .ඔයා එන්නේ නැත්තම් මං බලෙන්හරි ඔයාව මගේ ලඟට ගන්නවා. එහෙම හිතපු මම කෝල් එකක් ගත්තේ මේ වැඩේට හරියනම කෙනෙක්ට.

"හෙලෝ.."

"ආ කියන්න සර් "

"ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලව මගේ ගෙදරට උස්සන් වරෙන්. උඹලා කලිනුත් එයාව එක්කන් ඇවිත් තියේ. "

"ආහ් ඔව් ඔව් මට මතකයි සර්"

"පුළුවන් ඉක්මනට ගේන්න"

"ඕකේ සර්"

හහ් ...හිතාගෙන ඇති ලේසියෙන් එහෙම මාරු වෙලා යන්න. ඔයාට එහෙම මගෙන් ගැලවිලා යන්න බෑ doll. මගේ පණ තියෙනකම්... මොනම හේතුවකට වත් මං ඔයාට යන්න දෙන්නෙ නෑ.

මං කෙලින්ම ගියේ මගේ ගෙදරට.වතුර වීදුරුවක් අරගෙන එක උගුරට බීපු මම බැල්කනි එකට වෙලා යීබෝව ගේනකම් බලාගෙන හිටියා.
මුන් තාම නෑනේ.. දැන් පැය දෙකකට වඩා ගිහින්.පොඩි කොල්ලෙක්ව අරන් එන්න මුන්ට මෙච්චර වෙලා යනවද??

MY DOLL💋 (Completed)Where stories live. Discover now