Chapter 17💞

952 214 52
                                    

මං කාර් එකෙන් බැස්සම එයත් මගෙ පස්සෙන් ආවා.

"ගගා ඇයි අපි මෙහේ ආවේ..?"

හරිම අහිංසක විදිහට මගෙන් එහෙම අහපු එයාව කනකට ගත්තෙ නැති මම සාක්කුවෙ තිබ්බ යතුරෙන් දොර ඇරියා.එයා ඉන්නේ තවමත් දොර පඩිය උඩ එයාගේ බෑග් එකත් තුරුල් කරගෙන වෙනකොට මං එයාව අතින් ඇදලා ගේ ඇතුලට අරන් දොර වැහුවා.

"තේ එකක් හදන්නද යීබෝ? "

"ඈහ්?"

මං තේ හදන්නද ඇහුවම යීබෝ තූෂ්නිම්භූත වෙලා මං දිහා බැලුවා.

"අරූ එක්ක හුරතල් වෙලා ඔයාට මහන්සිත් ඇතිනේ නේහ්"

"අනේහ් නෑ ගගා..."

"ආහ් බඩේ ඉඩත් නැතුව ඇතිනේ  අරූ එක්ක කාලනේ ආවේ නේහ් ...tsk tsk මට ඒ ඩිංගට අමතක උනානේ."

"මට ඔහොම කතා කරන්න එපා ගගා.."

"කොහොමද  එහෙනම් දැන් මං කතා කරන්න ඕනී ම්ම්ම්ම්"

මං එයා ලඟට ඇවිත් ඒ මූණට එබුනම එයා මගේ ශර්ට් එකේ කොනක් පොඩි කරලා අල්ල ගත්තා.මං මගේ කේන්තිය කොහොම පිටකරගන්නද කියලා හිතද්දී එයා මොකුත් නොකියා ඇස් බෝල කරන් මං දිහා බලන් හිටියා.

"ඇයි උඹට මං කියන දෙයක් අහන්න බැරි. අරූ එක්ක හුරතල් වෙන්න ඔච්චරටම ආසද ආහ්?"

"මං.. එහෙම කලේ නෑනේ ගගා..."

"මං ඇස් දෙකට දැක්ක එක උඹ නෑ කියලද කියන්නේ දැන් ම්ම්ම් ...?"

එයාව බිත්තියකට හේත්තු කරපු මං ඒ කටමිරිකලා අල්ල ගත්තා.

"කී සැරයක් කිව්වද එක එකා එක්ක රවුම් ගහන්න තියාගන්න එපා කියලා.මෙච්චර රකින්න හදන්නේ කහනවට නෙවෙයි තමුසෙ මගේ නිසයි යීබෝ"

එයා මගෙන් ගැලවෙන්න දඟලද්දී මගේ අත්වල ග්‍රහනය තවත් තද උනා.

"මං උඹට ආදරෙයි. ඒ වගේම මං කොහොමහරි උඹව සදහටම මගේ කරගන්නවා. ඒක නිසා තේරුමක් නැති ගමන් බිමන් ගිහින් හොඳට ඉන්න මාව යකෙක් කරගන්න හදන්න එපා යීබෝ."

"සීමාවක් නැතුව මං උඹට ආදරේ කරනවා... ඒ වගේම තමයි යීබෝ මාව වෛරක්කාරයෙක් කරගත්තොත් එදාට ඒකටත් සීමාවක් නැති වේවි......."

MY DOLL💋 (Completed)Where stories live. Discover now