Chapter 04💞

1.1K 213 28
                                    

ලස්සන කවර් එකක් හම්බුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සන කවර් එකක් හම්බුනා....
ගොඩාක් ස්තූතියි lyz_8105 මැණික 😍

....................

යීබෝගේ අම්මාව හොස්පිට්ල් එකේ නතර කරගෙන තිබුනා. මගේ උවමනාවට වෙච්ච දෙයක් නිසා බිනා යීබෝගේ අම්මව vip room එකකම තියලා තිබුනා.යීබෝ අම්මා ගාවට දුවගෙන යද්දී මං බිනා එක්ක කතා කලා.

"මොකද්ද බන් වෙලා තිබ්බේ ...දැන් පේශන්ට කොහොමද"

"හරියට වෙලාවට බෙහෙත් බීලා නෑ බන්..හාට් පේශන් කෙනෙක් උනාම මීට වඩා වගකීමෙන් වෙලාවට බෙහෙත් ගන්න ඕනි"

"හ්ම්ම්ම්ම්"

"ඒක නෙවේ...කව්ද ඒ කොල්ලා?"

"මගේ යාළුවෙක් බන්"

"පල පල යන්න මං නොදන්න උඹේ යාළුවෝ.හරි කමක් නෑ උඹට පුළුවන් වෙලාවක කියපන්.. එහෙනම් මං ගියා.."

"හරි මචං තෑන්ක්ස් හොඳේ.."

"ටැංකිය තියාගෙන ඉඳගනිම්"

කොච්චර සෙනඟ හිටියත් කිසිගානක් නැතුව බිනා මට මැද ඇඟිල්ල පෙන්නලා යන්න ගියා.එතනින් ගිය නර්ස් කෙල්ලෙකුත් අපි දිහා අමුතුවට බැලුවා.මං එහෙම්ම යීබෝ ඉන්න තැනට ගියා... එයා අම්මගෙ ඔලුව අතගානවා.

"මේ ලමයා කව්ද පුතේ.."

"ඒ මේ...."

"මං යීබෝගේ යාළුවෙක් ආන්ටි"

යීබො කට හද හද මාව අඳුන්වලා දෙන්න විදිහක් හොයද්දී මං පැනලා උත්තර දුන්නා.එතකොටම නර්ස් කෙනෙක් ඇතුලට ආවා.

"ආ..මේ තියෙන්නේ ගන්න ඕනි බෙහෙත් ටික.මේක හොස්පිට්ල් බිල් එක"

යීබෝ ඒක අතට ගත්තම මං දැක්කා ඒ ඇස් ලොකු වෙනවා.ප්‍රශ්නේ සල්ලි කියන එක තේරුම් ගන්න මට බැරි උනේ නෑ..යීබෝ එහෙම්ම ඒකත් අරන් එලියට යද්දී මාත් ඒ පස්සෙන් ගියා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now