Chapter 27💞

1.3K 215 78
                                    

"ඔය බලාගෙන වීදුරු කටු ඇනෙයි යීබෝ"

ඒ ගෙදර තනිකරම අපායක් වෙනකොට බෝතල් කටු හැමතැනම තිබුනා. ගගාගෙ කාමරේ අවුල් ජාලාවක් වෙනකොට බඩුමුට්ටු සීසීකඩ වෙලා තිබුනා. එයා මං නැති දවස් ගානට කොහොම ඉන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන් .

"ගගා මේ.. බඩු"

"ආවා නම් ඒ විදිහට පාඩුවෙ ඉන්නවා වෙන මගුල් හොයන් නැතුව."

"ඒ උනත් ගගා.."

" මේක මගේ life එක . ඔයා කුණුගොඩක් වගේ මාව අයින් කරලා දැම්මට පස්සෙ තවත් මොකටද මගෙ දේවල් හොයන්නෙ?"

"ඔයාව මට කුණුගොඩක් නෙවේ ගගා..අනේ මට සමාවෙන්නකො"

"වොශ් දානවා නම් දාගෙන ඇවිත් නිදාගන්නවා."

මං උණු වතුරෙන් විනාඩියට දෙකට ඇඟ හෝදගෙන එළියට එනකොට ගගා හිටියේ ඇඳේ දිගාවෙලා කෝල් එකක.

"ඔව් අක්කේ."

"...................."

"නෑ නෑ එයා හොඳින්"

"......................"

"දන්නේ නෑ අහලා බලන්න ඕනි"

"......................"

"හා හා ඕයි .මං කියන්නම්.බායි."

මං අල්මාරියෙන් ගත්තු සුවපහසු ඇඳුමකට මාරු උනා වගේම ඇඳේ ගගාට එහා පැත්තෙන් ඇලවුනා.

"අපෙ අක්කාට හෙට උදේ කෝල් එකක් ගන්නවා. එයා හරියට බයවෙලා හිටියෙ."

"හා ගගා"

"අරූ තමුසෙට මොනාහරි කරදරයක් කලාද?"

"ම්ම්ම්ම්....කරන්න හැදුවෙ.. ඒත් මට ඒ වෙලාවෙ ගගාගේ නම කියවුනා."

"මගෙ නම? ඊට පස්සෙ"

"ඊට පස්සෙ මගෙ කම්මුලට ගහලා මං මූඩ් එක කෑවා කියලා යන්න ගියා"

ගගා මගේ කම්මුල උඩින් අත තිබ්බා වගේම එයාගේ මහපට ඇඟිල්ලෙන් මගෙ තොල් ගාව පිරිමැද්දා.

" මෙතනටද ගැහුවෙ ම්ම්ම්?"

එයා මගේ මූණට ලං වෙලා එහෙම අහද්දී මට වචන එන්නෙත් නැතුව ගියා.

"හ්ම්ම්ම්ම්"

එයා මගෙ නොසන්සුන් ඇස් දිහා බලලා එයාගේ අත අයින් කරගන්න යද්දී මං එයාගේ අත උඩින් මගෙ අත තියලා තද කලා.

You've reached the end of published parts.

⏰ Last updated: May 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

MY DOLL💋 (Completed)Where stories live. Discover now