Chapter 19💞

897 201 32
                                    

ඇවිත් හිටියේ හියුන් එක්ක එයාගේ නංගි .මෙයාලා මොකද මෙහේ කරන්නේ? යෝහ් ආයෙම යීබෝ upset යයිද දන් නෑ අර කෙල්ලව දැකලා. අනිකා ශූයා ඌ හියුන් එක්ක ඇරගනීද දන් නෑ. ඕකගේ හොම්බට දෙකක් ඇනලා දාන්න මටත් ආසයි ...හැබැයි මෙතන ඒකට සුදුසු තැන නෙවේ. මං කොයිකටත් කියලා ඒ පැත්තට ගියා.හොඳ වෙලාවට අක්කට අද මිස් කරන්න බැරිවැඩක් වැටිලා.. නැත්තම් මෙතන අලි කෙලියක් වෙන්නේ.

"මම දන්නෙ නෑනේ ශාන් මේක ඔයාලගෙ කියලා.. මං මේ පාරේ යන ගමන් දැකලා අහම්බෙන් ආවේ.."

අනේ ඇත්තට? පව් ඉතින් මේ දෙන්නා නොදැනනේ ඇවිත් තියෙන්නේ. මට නම් ඒක කොහෙත්ම විශ්වාස කරන්න බෑ.

"ආහ් එන්න එන්න හියුන්..මෙහෙන් ඉඳගන්න... ඔයගේ නංගිටත් එන්න කියන්න."

මං මවාගත්ත හිනාවකින් ඒ දෙන්නව පිලිගත්තා වගේම නිකමට යීබෝලා ඉන්න පැත්ත බැලුවා. යීබෝයි ශූයායි දෙන්නම මූණ දෙබර දෙකක් සයිස් කරගෙන මං දිහා බලන් ඉන්නවා. කස්ටමර් කෙනෙක් ආවම පන්නන්න බෑනේ.ඇරත් මේක පලවෙනිම දවසනේ.. මාත් මූට ආසා නෑ..ඒත් වෙන කරන්න දෙයක් නෑනේ පපාගේ යාලුවගෙ පුතානේ.

ශූයායි යීබෝයි දෙන්නම මං ඉන්න තැනට ආවා. යම් කිසි දෙයක් වෙයි වගේ.. ශූයාගේ මූණ බැලුවම ඒක කියන්න පුළුවන් .යීබෝ ඇවිත් මගේ අතේ එල්ලුනේ හරියට එයාගේ අයිතිය තහවුරු කරන්න වගේ වෙනකොට ශූයා හියුන් එක්ක කතා කලා.

"හායි...මිස්ටර් හියුන්"

"හායි .... ඔයා කව්ද ?"

"ම්ම්ම් හොඳ ප්‍රශ්නයක් ... මං ශූයැන්ග් .ශාන්ගේ යාළුවෙක් දැනට එහෙම හිතාගන්නකෝ."

"ආහ්.. nice to meet you"

"Nice to meet you too මිස්ටර් හියුන්"

"මිස්ටර් කෑලි එපා...ශාන්ගේ යාලුවෙක් නම් මාවත් යාළුවෙක් විදිහට හිතලා පහසුවෙන් කතා කරන්නකෝ ශූයන්ග් .එහෙම හොඳයිනේ.."

"හහ් හා.. එහෙනම් එහෙම කතා කරන්නම්කො"

"ශාන් මට මේ ටෝෆු සුප් ඕඩර් කරන්න ඕනි.."

"අහ් ඉන්න....හියුන් "

මං වේටර් කෙනෙක්ට අතවැනුවා.හියුන් සුප් ඕඩර් කලේ ශූටත් එක්කමයි.. ශූයා හියුන් කාරයට සුප් බෝල් එකෙන්ම දමලා අරියිද දන් නෑ.එහෙමට තරහක් මට උගේ මූනෙන් පේනවා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now