Chapter 13💞

920 193 31
                                    

අපි ගෙදර ගිහින් පහුවදා උදේ හොස්පිට්ල් එකට එනකොට පපාට සිහිය ඇවිත් තිබුනා..

"පුතා.. හෙට මං බිස්නස් ටුවර් එකක් යන්න හිටියේ ඇමරිකා වලට"

"අනේ මේ පපා. මෙච්චර හරියක් වෙලත් ඔය මගුල් හිතන්නද තියෙන්නේ ආහ්?"

"එහෙම බෑනේ පුතා ඒ චාන්ස් එක මිස් උනොත් ලොකු අපරාදයක් වෙනවා"

"දැන් පපා මොකද්ද කරන්න හදන්නේ..හරියට කෙලින් වෙන්න වත් බැරුව මගුලක් නම් කතා කරන්න එපා ඈ."

"එහෙනම් මං වෙනුවට පුතා යන්නකෝ.."

"මං? හ්ම් හරි පපා මං යන්නම්කො..ඔයා ඕවා නොහිතා රෙස්ට් කරන්න."

"සෙකට්‍රි හැමදේම ලෑස්ති කරයි.පුතා හෙට යන්න"

අවසානෙදි මං ඇමරිකා යන්න ලෑස්ති උනා. පපා වෙනුවෙන් ....

.
.
.
.
.
.
.
.
.
.

( Yibo 's pov )

රෑ ඉඳන් යුනි එකේ නෝට්ස් වගයක් ලියන්න ගත්තු පාර ඉවර වෙද්දී නිකම්ම හතර වටෙන් එලිය වැටිලා තිබුනා.දැන් ඉතින් ආයේ නිදාගන්න වෙලාවක් නෑ.මං මූණ හෝදගෙන ඇවිත් යුනි යන්න ලෑස්ති වෙන්න අල්මාරිය ඇරියා.

දැන් මගේ කියලා මේ අල්මාරියට තියෙන්නේ ඇඳුම් දෙක තුනක් විතරයි. අනිත් ඔක්කොම අර දුශ්ටයාගේ. මොකද එයා මාව එක්කන් ගිහින් ආපහු එක්ක එන හැමපාරම මං ඇඳන් ආවේ එයාගේ ඇඳුමක්නේ. මගේ ඇඳුම් ඇති එයාගේ අර අනිත් ගෙදර. වැඩක් නැහැ...මේවා දකිද්දී මට රිදෙන එක විතරයි වෙන්නෙ.. ආයෙම ඒවා ඕනි නෑ..  එයාගේ ඇඳුම් ටික පැත්තකට කරපු මං මගේ ඇඳුමක් එලියට ඇදලා ගත්තා.

ඇඳුම් ඇඳගෙන ලෑස්ති වෙච්ච මම දවස් දෙකකට පස්සේ මගේ ෆෝන් එක ඔන් කලා.. එයා මට කෝල් ගොඩක් අරන්.. එයාගේ කෝල් ඇලට්ස් දිහා බලාගෙන සුසුමක් හෙලපු මං ෆෝන් එක සාක්කුවට ඔබාගෙන ගෙදරින් එලියට බැස්සා.

"අම්මා මං ගියා...."

"පුතේ කාලා යන්න...."

අම්මා මට කාලා යන්න කියද්දී මං නෑහුනා වගේ එලියට ආවා.ඇත්තම කිව්වොත් මට බඩගින්නක් නෑ. මගෙ හිත හරියට රිදෙනවා. මට මාව අප්පිරියයි. මට මං එක්කම කේන්තියි. ඇයි දෙය්යනේ මගේ හිත ඒ වගේ සෙල්ලක්කාරයෙක් ලඟ නැවතුනේ ? එයා මං එක්ක විතරක් නෙවේ මගෙ හැඟීම් එක්කත් සෙල්ලම් කලා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now