මං හිටියේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කල්පනා කර කර කොෆී කෝප්පයක රස විඳින ගමන්...ඒ අස්සේ මං cctvවලින් දැක්කෙ හොටෙල් එක මැද්දෙන් යුනිෆෝම් එකත් නැතුව casual ඇඳුමෙන් ඇවිදගෙන යන යීබෝව. එයා එන්නේ මගේ රූම් එක පැත්තට. අද එයාට වැඩ නෑනේ..අනික මං එයාට එන්න කිව්වෙත් නෑනේ..දොරට තට්ටු කරන්නෙ වත් නැතුව යීබෝ එක පාරම දොර ඇරගෙන රූම් එක ඇතුලට ආවා.අපි එදා බීච් එකේදි හම්බුනාට පස්සේ මං එයාව දකින්නේ අද. එයාගේ ඇස් වල ලොකු කේන්තියක් තිබුනා.
"යීබෝ මොකද මේ?"
"මං මෙහෙන් අස් වෙනවා."
"ආහ් ඇත්තට... දැන් අස් වෙලා පොඩි මහත්තයා මොනවද කරන්න හිතන් ඉන්නේ? ජොබ් එකක් සෙට් උනාද?"
"තවම නෑ.. අනික ඔයාට ඒකෙන් වැඩක් නෑනේ මං මෙහෙන් අස් වෙනවා. මං ආවේ ඒක කියන්න"
"ඔයාට එහෙම අස් වෙලා යන්න බෑ යීබෝ.."
"මොකද බැරි ? ඇයි මට බැරි ?"
"මෙතන වැඩ කරන්නේ කව්ද නැත්තෙ කව්ද කියලා තීරණය කරන්නේ මං .තමුසෙ නෙවෙයි."
"ඒක මහ යකාගේ කතාවක්නේ.. මං ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ. බලෙන් ජොබ් කරවන්න බෑනේ.."
"බලෙන් ජොබ් කරවගන්න බැරි උනාට මට බලෙන් වෙන වෙන දේවල් කරගන්න පුළුවන් යීබෝ"
"උඹට මම ...."
යීබෝ එයාගේ අත උස්සගෙන ආවේ මගේ කම්මුලට ගහන්න.. එදා වගේ මට ගහන්න..හහ්! ඒවා කොහෙද මාත් එක්ක. එයාට කලින් මං ඉස්සර වෙලා ඒ අත මිරිකලා අල්ලගත්තා. වෙන කෙනෙක් උනා නම් අත කඩලා දානවා.මොන හෙනයක්ද මන්දා මට මේකාට එහෙම කරන්න හිතෙන් නෑ.
" අතාරිනවා මාව..."
"වැඩිය නටන්න ලෑස්තිවෙන්න එපා යීබෝ.. එහෙම උනොත් මං උස්සගෙන ගිහින් හිරකරලා තියාගන්නවා.ආයේ ඉතින් මොකාටවත් හොයාගන්න බැරි වෙන්න. තේරුනාද ? මට ඒක කරන්න බැරි නෑ කියලා තමුසෙ දන්නවනේ."
මං තාමත් හිටියේ එයාගේ අත පුළුවන් උපරිම තදට මිරිකගෙන.
"ආව්.. රිදෙනවා මගේ අත... අතාරිනවා මාව"
"පාඩුවේ ඉන්නවා ...එතකොට මං තමුසෙව රිද්දන් නෑ. හැබැයි ඉතින් අනවශ්‍ය දේවල් කරගෙන ආවොත් මං මොනවයින් මොනවා කරයිද දන් නෑ යීබෝ.."