Chapter 12💞

953 209 47
                                    

යීබෝ සාලේ මිනිස්සු ඉන්නවද කියලා වත් බලන්නෙ නැතුව පඩිපෙල දිගේ මගෙ රූම් එකට ගියා. මාත් ඒ පස්සෙන් දුවගෙන ගියා. මං රූම් එකට ගිය ගමන් දොර වැහුවා.

"යීබෝ.... "

එයා මං කියන දේ නෑහෙන ගානට එයා ඇඳගෙන ආපු ඇඳුම නවනවා.

"යීබෝ..."

බැරිම තැන මං එයාව  ඇදලා අරන් මගේ ඇඟට තද කරගත්තා.එයා මං දිහා ඇස් බෝල් කරන් බලන් ඉද්දී මං ඒ ලිප්ස් වලට පාත් උනා... ඒත් ඒක කරන්න හම්බුනෙ නෑ එයා ක්ෂණිකව එයාගේ කට අතකින් වහගත්තා.

"තමුන්ට මොන හයියක්ද යීබෝ?"

"මොකටද මාව ඉඹින්නේ ? ගිහින් ඉඹිනවකො අර පල්ලෙහා ඉන්න කෙල්ලව"

"ඔයා කියන්නෙ මට අර මිනිස්සු හැමෝම ඉස්සරහ ගිහින් අර කෙල්ලව කිස් කරන්න කියලද? අපේ ගෙදර හැමෝම ඉස්සරහ?"

"ඒ කියන්නේ..ඒ කියන්නේ එතන ඒකි විතරක් තනියම හිටියා නම් කරනවා කියන එකනෙ නේද ?"

"ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ යීබෝ?"

"මොකුත් නෑ .... මොකුත් නෑ... දැන් ඒකිව බඳින්න උනොත් මොකද කරන්නෙ?"

"බඳින්නම උනොත් ඉතින් වෙන මොනවා කරන්නද ..."

"එතකොට මට මොකද වෙන්නෙ ආහ්?"

"ඔයාට මොකුත් වෙන් නෑ යීබෝ ... ඔයා මේ විදිහටම ඉඳී..."

"තමුසෙ මහ ජරා මිනිහෙක්... රැයක් දවාලක් නැතුව මාව ලං කරගෙන මගේ මගේ කියද්දි ,මාව පිස්සුවෙන් වගේ ඉඹිද්දී,මාව තුරුල් කරගද්දී,මං අඬද්දී මාව පපුවට හිරකරන් නලවද්දී මටත් දේවල් නොහිතුනා නෙවෙයි. මොකද මට තියෙන්නෙත් හිතක් .මාත් මනුස්සයෙක්. තමුන් මාව පාවිච්චි කරනවා විතරයි කියලා හිත හදාගන්න හදන හැමවෙලාවකම ඒ දේ එහෙම නෑ කියන්න හිතෙන විදිහෙ දේවල් මං වෙනුවෙන් ඔයා කලා. ඒත් මට වැරදුනා.... මිනිස්සු වචන වලට රැවටෙනවා කියන්නේ ඇත්තක්."

"මොනවද යීබො මේ කියන දේවල් වල තේරුම?"

"අහ් තමුසෙ බබානේ.. අතාරිනවා මාව.. මට යන්න දෙන්ම්භ්හ්ම්..."

මං එයාගේ ලිප්ස් අල්ලගත්තා...එයා මාව තල්ලු කරන්න දඟලද්දී මම කලේ තවත් එයාව මගේ ඇඟට තද කරගන්න එක. අවසානෙදි එයා සන්සුන් උනා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now