Chapter 20💞

1K 205 39
                                    

"ඔය කොහෙද ඔය යන්නේ ගගා අරෙහෙනේ ගෙවල්"

"අද යමු doll මාත් එක්ක.. මමා ඔයාව එක්කන් එන්න කිව්වා."

"දැන් හවස් වෙලානේ ගගා ඔයා ආයෙම මාව ගෙනත් දාන්නේ..?"

"හෙට උදේට.... මොනවද කන්න ඕනි ?"

මං ඇහුවෙ කාර් එක අයිනක නවත්තන ගමන්.

"කන්න බෑ.... හොට් චොකලට් එකක් බොමු"

"ම්ම්ම් මං අරන් එන්නම්" 

මං එතන තිබ්බ රෙස්ටුරන්ට් එකට ගිහින් හොට් චොකලට් එකක් අරන් ආවා.

"එකද ගෙනාවේ?"

"ඔයා බොන්න මැණික මට එපා."

මං එයාගේ අතට කප් එක දීලා බලන් හිටියා.එයා ඒකට කටින් පිඹ පිඹ හෙමීට් බොනවා. මං ඒ සිනිඳු කෙස් අස්සෙන් ඇඟිලි යවලා එයාගේ ඔලුව අතගෑවම එයා ඩ්‍රින්ක් එක බොන ගමන් මං දිහා ඇස් උස්සලා බැලුවා.

"දැන් නම් මටත් ඕවා බොන්න ඕනි වගේ doll"

"අයියෝ ඉවරනේ ගගා.. කලින් කියන්න එපැයි."

එයා හිස් කප් එක කනපිට හරවලා ඒකෙ බින්දුවක් වත් නෑ කියලා මට පෙන්නුවා.මං කට කොනකින් හිනාවෙලා එයාව මගෙ පැත්තට ඇදලා අරන් ඒ ලිප්ස් වටේ ගෑවිලා තිබ්බ චොකලට් ඩ්‍රින්ක් ටික උඩ මගේ දිව අරන් ගියා. ඉන්පස්සේ එයාගේ උඩුතොලයි යටිතොලයි දෙපාරක් මාරුවට උරලා ඒ තොල් දෙකම එක පාර උරන්න ගත්තා.එයාගේ කට ඇරෙන විදිහට කම්මුල් දෙක අතකින් මිරිකලා එයාගේ කට ඇතුලේ ඉතුරු වෙලා තිබ්බ චොකලට් රස සේරම මං ගත්තේ ඒ රස නැති වෙනකම්ම එයාගේ දිව උරලා.

"ම්ම්ම්ම්ම් රහයි තමයි ඒ ඩ්‍රින්ක් එක doll."

එයාගේ මූණ රෝස පාට උනා. මං  ආයෙම කාර් එක ස්ටාර්ට් කර ගත්තා. තොරතෝන්චියක් නැති එයාගේ කියවිල්ල මැද්දෙන් මං අපේ ගෙවල් ගාවට ආවා.

අපේ මමා වෙන්ඩ බෑනව පිලිගන්න වගේ දත් තිස් දෙකම දාගෙන එලියට වෙලා ඉන්නවා.

"ආහ් මං මේ එනකම් බලන් හිටියේ..."

"ටිකක් පරක්කු උනා මමා.."

"කව්ද උඹ එනකම් බලන් හිටියේ.? එන්න පැටියො ඔයා ඇතුලට"

මොකක් ? මමා මාව දෙකේ කොලේට දාලා යීබෝව එක්කගෙන ඇතුලට ගියා. අවසානෙදි මං පිට එකා උනා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now