01

3K 189 55
                                    


මන් පතනවා... මේ මට වඩා..
ඔබට ආදරේ ඇති කෙනෙක්...
ලැබේවා කියා.......

කන්බෙරෙත් පලාගෙන ඇතුළට යන සින්දුව ගනන් නොගෙන මන් බයිට් කෑල්ලක් කටට දාගත්තා.. මන් ආසම සුදු ළූනු බයිට් වලට.. ඒකේ තියෙන බැඳපු සුදු ළූනූ කෑලි කරස් ගාලා හැපෙනකොට මට හිතෙන්නේ මේ දැන් මන් ඩ්‍රැකියුලාගේ ඔලුව කෑවා කියලා.. ඒක අමුතුම ෆීලින්ග් එකක්...

සමහර විට මේක කලින් කතාවක් වගේම වෙන්නත් පුලුවන්.. මන් හිතනවා නෑ මන් පතනවා මේක ඊටත් වඩා ගොඩක් වෙනස් වෙන්න කියලා.. අසම්පූර්න කතා සම්පූර්න කරන්න මට ලොකු හැකියාවක් තියෙනවා. ඒත් දැන් මගේ හිත ඇතුලේ මොකක්දෝ අමුත්තක් එහා මෙහා යනවා... හිත කීරී ගැහිලා යන හැඟීමක්... මුලු ඇඟම හිරි වට්ටන හැඟීමක්... නොතේරෙන හැඟීමක් මාව වටකරගෙන...
.
.


"අනේ චූ බරයි ඕයි.. !!!!!!! "


ජනේලෙන් එහා පැත්තම බලාගෙන ඉන්න ලොකූට මන් කෑගහලා කියුවා.. ලොකූ හැරිලා මගේ දිහා බලලා ආයෙම ඔරවලා ජනේලෙන් එහා පැත්ත බලා ගත්තා... මට මහා සද්දෙන් කෑගහන්න බැරි  අපි තාමත් ඉන්නේ දෙනියාය මාතර බස් එකෙ හින්දා... ඩ්‍රයිවර් අයියා එක වංගුවක් ගන්නේ දහ අට වංගුව වගේ.. තේ වතු යායවල් පාර දෙපැත්තේ.. වැරදිලා හරි බස් එක ලිස්සුවොත් වැටෙන තැනක්වත් නොපෙනෙන තරමට පහලින් හෙල....  ඒ වංගු හරවන හැරවිල්ලට මරණ බය දැනෙන්න ඕන උනත් මට ඒ කිසි දෙයක් දැනුන්නෑ.. තව බස් කීයක යන්න තිබ්බත් ඒවට  නගින්න කලින් මන් ගනිපු බයිට් පැකට් දෙකම ඉවරයි..!

" රං.. රං.. නැගිටිනවා.. "


මන් ගැස්සිලා ඇහැරුනේ ලොකූගේ උරහිසෙන්.. මට නින්ද ගිහින්...... ඉපදුනු දවසේ මාව දැකපු ගමන් ඒකලු අප්පච්චිට හිතුනේ.. රං..

" ආවද? "

මන් අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවා.. බස් එකේ උඩ රැක් එකට දාලා තිබුනු තඩිම තඩි ට්‍රැවලින් බෑග් එක ලොකූ අමාරුවෙන් ඇදලා අරගත්තා..

" ගාලු බස් එකට නගින්න ඕන.."

ලොකූ එයාගේ පොඩි සයිඩ් බෑග් එකයි අනිත් තඩි බෑග් එකයි උස්ස ගනිද්දි මන් මගේ ස්කුල් බෑග් එකත් අරගෙන එයාගේ පස්සෙන් වැටුනා... ස්ටෑන්ඩ් එක පුරාම මිනිස්සු එහෙ මෙහේ දුවනවා.. සමහර මිනිස්සු අපි දෙන්නා දිහා ඔහේ බලාගෙන හිටියේ එයාලගේම ලෝකවල සැරිසරන ගමන්.. වයසක ආච්චිලා සීයලා තැන් තැන් වල වාඩි වෙලා සමහර අය නිදි..  මගේ වයසේම වගේ කොල්ලෝ කෙල්ලොත් රංචු රංචු.. පන්ති යන අය වෙන්නැති..
සමහර මිනිස්සු අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා.. අපි දෙන්නා ගමේ කියලා පෙනිලාද දන්නෑ..  වටේම ගියපු මගේ ඇස් ආයෙත් නැවතුනේ මගේ ඉස්සරහින් බෑග් එක අමාරුවෙන් උස්සන් යන ලොකූ දිහාවට..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now