8️⃣6️⃣ සූසයිඩ් !!

644 114 131
                                    

සඳූ මාව ගෙදරට ගෙනත් දාලා මන් ඇතුළට යනකම් බලන් හිටියා... ඉස්සර වගේම.. ඒත් අමුත්තක් තියෙනවා.. හැමදේම ඒ වගේ නෑ.. සැහැල්ලුවෙන් ගත කරපු කාලේ ඉවරයි.. දැන් තියෙන්නේ විභාග මානසිකත්වේ.. සිලබස් ගොඩක් මැද්දෑවේ ලොකූගේ රං හිර වෙලා...

මන් හොදට නාගෙන ඇවිත් පාඩම් කරන්න ගත්තා.. සඳූ කියුවනේ... එයත් හොදට වැඩ කරාවි.. බැඳීම් රැකගන්න විශ්වාසය කියන දේ තියෙන්න ඕන.. ඒත් ඊටත් වඩා හොදම දේ.. මන් මේ තරම් සදැස් කියන යක්ශ ආත්මෙට ළං නොවී ඉන්න එක.. මන් ඌට ඇබ්බැහි වෙලා.. මොළේ එකක් කියනවා හිත තව දෙයක් කියනවා.. ලොකූගේ අහිංසකයා මේ දෙක මැද හිර වෙලා.. සමන්තයා කිරි කෝපි හදනකම් බලන් ඉන්නවා.. ම්හුක්.. ජීවිතේ දිනන්න ඉතින් කිරි කෝපි එකක් ඕනමයිනේ.. නැත්ත සමන්තෝ...

අම්ඩෝ... පුක්මන්තා.... ලෝන්ග් ටයිම් නෝ සී හහ්..!!

මන් ලොකු අම්මගේ කේක් කෑල්ලකුයි ජූස් එකයි අරගෙන මේසේ ළගින් වාඩි වෙනකොටම ලොකු අම්මගේ පුක්මන්තා.. මොකක්ද මන්දා නමක් මූට කියුවට හැමදාම මට ඕක අමතක වෙනවා සමන්ත.. කුමාරී ඉන්න වෙලාවට විතරනේ ඔය නම කියන්නේ.. මොකෝ මූ නම කිය කිය යන එකක්යෑ... කැවුම් කැවුම් කියනවා එච්චරයි ඒකට ගමේ හිටපු පූසෝ නේත.. අනේ... හරි අහිංසකයි පුරු පුරු බෝල... උබත් ඉතින් ටවුමේ එකානෙ සමන්ත.. යැයි යැයි..

පුක්මන්තගේ ඇට දෙක දැකපු මට මතක් උනේ පොඩි වීරයියව.... ඌත් හොදයි.. අර මුවාගේ බඩේ කස්තුරි වගේ.. උගෙත් හොදක් නැත්තෙම නැ.. ඒත් ඌ කරපුවා මට අමතක නැ.. ඌ කියලා කීයක් දේවල් මේ ගමෙන් ආපු රං කැකුළට කරාද.. අනික ඌ මගේ සඳූටම කියලා තව කීයක් දේවල් කරාද.. සමහරවිට ඌ දැන් හොද වීගෙන එනවාවත්ද.. ග්‍රහයා මාරු වෙලා වෙන්න බැරිද..

ටක්ස්..!!!

බයෝ වලට පූසොන්ගේ ඇට කපන්න තිබ්බේ නෑනේ.. මන් කරන්න ඕන පාඩම් කරන එක.. අර බළල් ඇස් වල ඇට හොයන එක නෙවි.. මේවා ලොකූ දන්නවනම් රංට ගහන්නේ මලිතයගේ ඇට ගලවලා.. මගේ ලොකූ හරි සැරයි..!! සඳූ උනත් දැනගන්න ඕන එයාගේ නෑණා මොනවගේ කෙනෙක්ද කියලා.. එක්කෝ ඕන්නෑ.. කවුද දන්නේ ඕකා ඔහොම මට සත්‍ය ප්‍රේමය පෙන්නගෙන ඉදලා.. අඬා වැලපිලා ඇත්තටම අර ෆේරි කියන එකී බැනඳොත්..!! හාපෝ.... මතක් වෙද්දිත් ගත කිළිපොලෑ යනවා වාගේ සමන්ත.. සදැස් සිරාවටම ලොකූගේ රංට එහෙම කරයිත..ත..ත..!! උබ එහෙම කරලා මගෙන් කන්න තමයි පුතෝ.. සදැස් උබ දන්නෑ රං පළිගන්න ගියාම.. මන් ගමේ හිටපු මැරයෙක්..!! සමන්ත උබ මගේ කුපාඩී වැඩ පොත හැදුවද.. ඒකේ අන්තිමට පිටුවක් තියපන් සඳූ මට එහෙම කරොත් ඌට වෙන දේ ලියන්න.. අනියමාර්ත සම්භාව්‍යක්‍රියා..!! ඌ කරොත් එදා ඉදන් ඌ ටවුමේ ඇට නැති බූල්ල්..!!!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now