6️⃣4️⃣🐨

552 129 146
                                    

ඕශි මුලු දවසෙම ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන ඇස් තද කරලා පියාගෙන හිටියා.. අඩුගානේ නල්ලෙවත් ජබ්බවත් ඌට කරදර කරන්න ගියේ නෑ...මොකද ජබ්බා ඌට කතා කරන්න ගිහින් ඕශි ඌට බැනගෙන බැනගෙන ගියපු නිසා..

ඕශි හැමදාම හිනා වෙවී ජොලියේ ඉදපු එකෙක්.. උනේ මොකක්ද කියලා අහන්න මට ඕන උනත් දුල්ශාන්ගේ ඇස් ගොඩක් වෙලාවට මගේ දිහාවට වැටිලා තියෙන හැටි ඇස් කොනෙන් මට පෙනෙද්දි මන් ඕශිගේ එහා පැත්තට වෙලා උගේ කොන්ඩේ අස්සේ ඇඟිලි යවන ගමන් හිටියේ.. දුල්ශාන් එක්ක මගේ කතාවක් කොහොමත් නෑ.. ඒත් ඌ ආයෙම මෙතනට ඇවිත් කෑගහලා ගියොත්.. ඕශි එදා කියුවනේ ඕකා එක්ක ආස්සරේට යන්නත් එපා කියලා.. ඒක තමයි..

සදැස්ව මහ ගොඩක් මතක් වෙද්දි.. පීරියඩ්  දෙකෙන් එකට ගුරුවරු මාරු උනා.. ඒ එකකදිවත් ඕශිගේ ඔලුව ඉස්සුනේ නෑ....
ළගම යාලුවා මෙහෙම ඉන්න එක මගේ හිතට මහ බරක්.. මිනාට කියන්න තිබ්බනම්.. මන් කොහොමද හංගන් ඉන්නේ.. දුල්ශාන් ලොකු ප්‍රශ්නයක් වෙනවනම්.. ඕශිගේ පරණ කොල්ලවත්ද.. සමහරවිට පස්සෙන් එන එක්කෙනෙක්.. නැත්නම් ප්‍රොපෝස් කරපු කොල්ලවත්ද..

මන් මිස් බෝඩ් එකේ ලියන අකුරක් ගානේ පොතේ ලියාගෙන ලියාගෙන ගිහින්.. ඕශිගේ පොතෙත් ඒ විදියටම ලියුවා.. මන් ආදරෙ කරන සදැස් පවා සමහර වෙලාවට එයාගේ ප්‍රශ්න මට කියන්නැති එකේ මන් ඕශිගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බෑනේ....ඒත් සඳූ හිටියනම්.. එයා ආවද දන්නෑ ස්කෝලෙට....හැමදාම වගේ ඕශිගේ ප්‍රශ්නෙදිත් මට මතක් උනේ සදැස්ව..

පීරියඩ් එක ඉවර වෙලා තව විනාඩි දහයක් විතර මිස් වැඩිපුරත් ඉදලා යන්න ගියේ ඊළගට තිබ්බේ ලයිබ්‍රි නිසා.. ළමයි කවුරුවත් යන්නෑ කියලා මිස් දන්නවනේ..


" ඕශි මන් සඳූව බලන්න යනවා.."



ඩෙස්ක් එකේ ඔලුව ඔබාගෙන ඉන්න ඕශිගේ උරහිසට හෙමින් තට්ටු කරලා මන් කියද්දි ඕශි රතු උනු ඇස් වලින් මගේ දිහා බැලුවා.. ඒ...ඒක.. හරි අසරණ බැල්මක්.. මගේ පපුව ගැහෙන වේගේ එකපාරට වැඩි උනා.. ඇයි ඕ..ශි... ඌ ප්‍රශ්න වලින් පැනලා යන එකෙක් නෙවි කියලා මන් හොඳටම දන්නවා..  ඒ බැල්ම තේරුන මන් අමාරුවෙන් හිනා වුනා.. මිනාට කියන්න එපා කියලනේ..





The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now