5️⃣1️⃣ 🧙

521 119 85
                                    

:-*

" චූටි.. අම්මා අහනවා ඔයා තව රෑ වෙනවද කියලා...."










මන් හිටියේ පැරකුම් එකේ හදන යකාගේ වටේ ගහන්න පොල් කොළ එකතු කරලා ගැටයක් ගහන ගමන්...

ටවුන් එකේ උන්ට යක්කු එක්ක කොච්චර සම්බන්දයක් තියෙනවද කියනවනම් සමන්ත මුන් හවුස් එක හදන්නෙත් යකෙක් වගෙ... ලොකු යක් මූනක්.. මේකේ ඉන්න එකත් ඉතින් යකාගේ දිව අතේ අරන් ඉන්න දිශ්ටියක් නිසා සමන්තයි මායි ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ.. අපිට වැඩක් නෑනේ ඕවා.. ම්හුක්...



ගොක්කොළ බරගානක් ලොරියකින් දමලා ලොරි කාරයා ගියා.. ඕශියා ගෙදර ගිහින් එන්නම් කියලා ඌත් ගියා කෝමත් ඌට ඉන්න බැරි තත්වයක්නේ තිබ්බේ ඊටත් වඩා අපි ඌව දකින දකින සැරේට ෆ්ලයි ෆ්ලයි ටින්කර් බෙල්ලා කියන එකට ඌට එකසිය ගාන්ටම මළ පැනලා හිටියේ..... කෝමහරි හවස හය විතර වෙනකම්ම මන් බැහැලම හවුස් එක හදන ගමන් හිටියේ.. සදැස් හවුස් කැප්ටන් එක්ක අඩු පාඩු හොය හොය දුවනවා.. හොද වෙලාවට මට සෙනසුරාදා ඉරිදා පන්ති තියෙන්නේ.. ලොකූගේ රං ඉතින් වැඩකට බැස්සම ඊරි යකා වගේ.. ඉවර වෙනකම්ම බැහැගෙන වැඩ කරනවනේ..

හරියටම හයයි කාල විතර වෙද්දි හවුස් වල කොල්ලෝ කට්ටිය හවුස් හදන්න පටන් ගෙන තිබ්බේ.. මාත් ඉතින් පලවෙනි වතාවටනේ මේ ස්කෝලේ රෑට ඉන්නේ.. අමුතු චිල් එකක් ඇඟ පුරාම යද්දි මන් ශර්ට් එකත් උඩින් දාගෙන පොල්කොල කෑලි එහෙම ගැටගැහුවා.. අපේ මිස්ලා ටිකත් රෑ නවතිනවලු. මහ පරා බොටමයි ශර්ට් එකයි දාගෙන ලණු අඹරනවා..

මේ වැඩ අස්සේ තමා සඳූ දුවන් ඇවිත් මට කතා කලේ.. දැන් ලොකු අම්මා ගෙදර ඇවිත් ඇත්තේ.. මන් එයාට උදේ කියලා ආවේත් ටිකක් රෑ වෙනවා කියලා.. දැන් ඉතින් එයාගේ සඳූ පුතාට කෝල් කරන්නේ.. අනිත් එක මූ මේ සේරම අස්සේ ෆෝන් එකත් දාන් ඇවිල්ලා.. හරි අපූරුයි... ටවුමේ උත්තමයා.. ලොකු අම්මට කියලා ඇවිල්ලත් එයා මොකට ආපහු කතා කරනවද දන්නැති නිසා මන් ආයේ සදැස්ගේ ෆෝන් එක අරන් ලොකු අම්මට කතා කරා...





" රං.. ඔයා දැන්ම එනවද..??"

" ඇයි අම්මා මන් එන්න ඕනද..? "

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now