8️⃣1️⃣🎀

523 118 159
                                    

මන් මගේ දිග ඇඟිලි දාලා එයාගේ රත්තරන් පාට අත අල්ලගත්තා.. තැන් තැන් වල ළා දුඹුරු ප්ලාස්ටර් ගහලා.. අත කැපිලා... ගෙදර අස් කරන්න ඇති... නැත්නම් එයාම එයාට රිද්දගන්න ඇති.. මන් දන්නවනේ  සඳූගේ හැටි.. ඒත් මොකක්දෝ.. හිඩැසක් තියෙනවා කියලා මගේ පපුවට දැනුනා.. හරියට දැන් තමයි කරදර පටන් ගන්නේ වගේ ඉවක් ඒක..  ඒත් ඉතින්  ඒ අත අල්ලගෙන ඉඹලා ඉඹලා දිය කරන්න මට ඕන උනා... දැනුනු අමුතු බය නැති කරලා..ඒ සුවඳ ළග නිවෙන්න..


අනේ සමන්ත රංගේ ආසාවනේ ම්හුක්..



සාමකාමීව දවස් දෙක තුනක් ගත උනා.. ම්ම්.. හරිම සාමකාමී.. ලොකු අම්ම උනත් මට පාඩම් කරන්න කියලා කියුවෙම නැති තරම්.. එයා හොදටම බය වෙලා මන් උන ගත්ත නිසා.. මන් හිතන්නේ එහෙම උනේ මුල් දවස් දෙකේ විතරයි ඊලග දවසේ ඉදන් සුපුරුදු පරිදි ලොකූ පරිස්සමට හදපු රංගේ බෝල පස්සට පාරක් දීලාම නැගිට්ටුවා..










" කුමාරී.. ඔහොම ගැහුවොත් මට ආයේ ලෙඩ වෙයි හරිද.. මන් ලොකූට කියනවා කොහොමත් ඔයා මේ ලෙඩ වෙලා ඉන්න රංට  කරන පීඩා ගැන..ම්හුක්.!! "









මන් ඇදේ ඉදන් අමාරුවෙන් නිදි කිර කිරම ලොකු අම්මට කියෙව්වා.. ම්හුක්.. රං හරි අහිංසකයිනේ සමන්ත..ම්හුක්..









" ආහ් දැන් ලොකූ ලොකු ද.. හරි විශාල කරදරයක් උනානේ ගමෙන් ආපු ඇටිකිචි රං..!! "








දෙයියනේ දෙයියනේ සමන්ත..!! ලොකු අම්මාගේ කට තමයි කට.. ම්හුක්.. ලොකුයි තමයි.. හැබැයි මන් තව කියවන්නැතුව ලොකු අම්මටත් ගස්සගෙන බාතෲම් එකට පැන්නා..බයකට නෙවි නිකන්.. හනේ හනේ යසයි මේ කුමාරි හැදිලා තියෙන හැටි නම්.. ලොකූගේ රං නරක් වෙන්නෙම මෙහේ ඉදලනේ..







" කුමාරී...  මන් යනවා තුදූ.. ලා යූ... බුදුසරණයි... "






පරක්කු වෙලා නම් නෑ.. තව පැයක්ම තියෙනවා ක්ලාස් පටන් ගන්න.. ඒ උනාට මන් වේලාසනම දුවනවනේ ඩෙස්ක් එකක් අල්ලගන්න.. මට ඉන්න පාප මිත්‍රයෝ මොකෝ වේලාසන ඇවිත් ඩෙස්ක් එකක් අල්ලගන්න මිනිස්සු නෙවිනේ.. මන් ලොකු අම්මට දණ ගහලා වැන්දම එයා මගේ නළලට කිශි එකක් තියලා හොදට වැඩ කරන්න කියුවා.. එයා ගෙනත් දීපු බෑග් එකත් අතේ අරන් මන් හෙන හැන්ඩියා වගේ ගෙදරින් එළියට ආවා..



The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now