4️⃣7️⃣ 🏐

626 142 206
                                    


The owner of Moon 🌙❤

එතන ව.....ළාආආඅක්ක් !!!!

කේශරයා මගේ කන දෙදරන්න කෑගහද්දි මන් වතුර බෝතල් දෙකකුත් කිහිල්ලේ ගහගෙන කෝච්ලා ගාව හිටගෙන බලාගෙන හිටියා.. මුන් හදිසියෙවත් අනිත් හවුස් එකට ඇද්දොත්... කියන්න බෑනේ.. ආවෙත් ඕල්ඩ් බෝයිස්ලා.. මුන් අදින එක සුප්පෙටම අදීවී උන්ගේ හවුස් එකට..  මෙනුරයා වෙලාවකට චියර් කර කර මතුවෙනවා.. ආයේ ඊලග විනාඩියට ඌ වාශ්ප වෙනවා... ඌ එහෙම හරි දැක්කත් සඳූ එහෙමවත් පේන්න නෑ...

පැරකුම් වර්සස් තිස්ස... ගිරිය කඩන් කෑගහන කොල්ලෝ සෙට් එක වොලි බෝල් කෝට් එක වටේට ලෑස්ති වෙලා... අන්ඩර් ෆිෆ්ටීන් උනුත් ලේසි නෑ..

තිස්ස තිස්ස තිස්ස !!

රෙද්ද රෙද්ද රෙද්ද...!!!

එහා පැත්තෙන් තිස්ස කොල්ලෝ කෑගහද්දි අපේ ළග ඉදපු ඕශියා විසිල් එකක් ගහලා අත් පුඩි තලන ගමන් නහින්න හැදුවා කෑගහලා... උන් කෙලින්ම පැරකුම් එකට සපෝට්... ඌට ඉස්සර ඉදන්ම තිස්ස එක්ක ඇරියස් එකක් තිබිලා... ඕශි කොහේද  මිනා එතනයි තියරියට මෙන්න විනාඩි පහක් යනකොට අපේ ළගින් මිනා මතු උනා.. මූට බැරිත මන්තා සමන්ත මගේ යකාවත් එක්කන් එන්න..ම්හුක්..

සුමනා තව මැච් එකක් බලනවා.. එකම වෙලාවේ මැච් දෙක තුනක්ම ගියපු නිසා වැඩිපුර සපොට් එක දෙන තැනට සේරම සෙට් උනා...

තිස්ස අන්ත පරාජයකට ලක් කරමින්.. පැරකුම් කොල්ලෝ ටික පළවෙනි මැච් දෙකම යස අගේට දිනලා අන්ඩර් ෆිෆ්ටීන් ෆයිනල් මැච් එකෙන් ෆස්ට් ප්ලේස් ගත්තා...

උන්ට චියර් කරලා ග්ලූකෝසුත් පොවලා උන්ව බදාගෙන ඉඹපු මෙනුරයා ආයේ රෙද්ද කරේ තියන්න දුවන්න ගත්තා.. ඊලග මැච් එකේ උන් හොයන්න වෙන්නැති... ඔය දුවන ගමන් කී දෙනෙක් මතක් කරනවත සමන්ත...

" චූ....ටී...!! "








මන් හැරිලා අනිත් කෝට් එක ළගට යන්න හදද්දි මිනා ඇවිත් මාව ඇදන් ළමයි වැඩිය හිටියේ නැති පැත්තක ලොකු මාර ගහක් යටට ඇඳන් ගියා... මේ මොකත මේ.. සඳූ නැති වෙලාවේ මූට කුමක් හෝ සිදු වීවත්ද සමන්ත.. දෑත දරා සිටින්නේ මන්ත.. ම්ම්.. සමන්ත... !! සමන්ත උබ ඔය සුමනට කෙළ හලන එක නවත්තපන්....සමන්ත උබ කනව මගෙන් ඇටි පරෙයියා..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now