03

1K 162 20
                                    


මන් ඇස් වලින් වැටෙන කඳුලු ඉක්මන්ටම කොට්ටේ පිහි දැම්මා.. අනේ ලොකූ හෙට ගියාම... මගේ කියලා මේ ලෝකේ මට තියෙන ලොකුම බැඳීම.. මගේ ලොකූ...

මන් ටිකක් වෙලා ඉදලා ආයෙම කාමරෙන් එළියට ආවේ මූන හෝදගන්නත් එක්ක...

ලොකුත් නිදිද කොහෙද.. මන් වටපිට බැලුවා... දැන් වෙලාව රෑ  හත විතර... බාත් රූම් එකේ වතුර වැටෙන සද්දෙන් ලොකු අම්මා ඇතුලේ වගේ...

කුමාරී මීස්... කුමාරි මීස්....

එතකොටම ඇහුනේ දොර ගාව කවුද කෑගහනවා.. නෑනේ කතා කරනවා.. කුමාරි කියන්නේ අපේ ලොකු අම්මගේ උප්පැන්නේ නම.. මට මතක විදියට ලොකූ එහෙම මට කියලා තියෙනවා...

ආහ්... කුමාරි මිස් ඉන්නවද පුතේ...

තැඹිලි ටී ශර්ට් එකකට කොට ශෝටක් ඇදපු ඇන්ටි කෙනෙක්.. ටවුමේ ඇන්ටිලා ගමේ අයට වඩා පට්ට වෙනස් නේ.. කොන්ඩේ කොටටම කපලා.. කන්නාඩි දෙකත් දාගෙන පෙනුමෙන් නම් මෙයත් නර්ස් කෙනෙක් වගේ.... නර්ස්ලා කතා කරන විදියෙන් අදුරගන්න පුලුවන්.. හරි හිමීටනේ කතා කරන්නේ.. මේ ඇන්ටිත් රහසින් වගේ තමයි මගෙන් ලොකු අම්මා ගැන ඇහුවේ....

හානේ... දුව ත් ඇවිල්ලනේ.. කවද ද පුතේ ආවේ...

දොර ළග ඉදපු මාවත් එහාට කරගෙන කෑගහපු ඇන්ටි ඇතුළට යද්දි තමා මන් දැක්කේ ලොකූ කාමරෙ ඉදලා එළියට එනවා.. අනේ සමන්ත.. ලොකූ ටවුමෙ මිනිස්සුත් අදුරනවා.. මේ රං අදුරන්නේ ගමේ ඉන්න හෙංචයියෝ ටික විතරද.. සමන්ත මට සීනි හැදි තුනක් වැඩි පුර දාන්න....!

අපි දවල් ආවේ ආන්ටී.. කොහොමද ඉතින්...

අර ඇන්ටිට වාඩි වෙන්න කියන ගමන් ලොකුත් එයාගේ එහා පැත්තෙන් වාඩි උනා.. ආන්ටී... හරිනේ සමන්ත.. දැන් ඉදන් ඇන්ටි කපලා ලොකූ වගේ පොශ් වෙන්න ඕන.. නැත්නම් මන් ගොඩයා කියලා අඳුරගනීවී...

ඉඳිආප්ප ටිකක් අරන් ආවා දුව.. මදිවෙයිද මන්දා..

ආන්ටි මේසේ උඩින් තියපු ලොකු පිඟාන පෙන්නන ගමන් කියුවා... කෝමද රංට ඒක මිස් උනේ.. හිතාගන්නත් බෑනේ සමන්ත..

අනේ ශෝක් නේ ආන්ටි.. අපිත් ආප්ප ගෙනාවා හවස.. මදි වෙන එකක් නම් නෑ..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now