8️⃣2️⃣ 🌵

424 107 192
                                    


" සඳූ මැණික.. අද වඩේවත් නැද්ද චූටිට.. "

ඇඹරුනේ නෑ... හේ සමන්ත... රං.. ඉතින් දන්නැද්ද.. සුරතලේනේ..ම්හුක්.. මන් හෙල්මට් එකත් අතේ අරගෙනම බයික් එකට නැගලා වාඩි උනා.. ඒකට සඳූගේ තද දුඹුරු ඇස් ගැස්සෙනවා වගේ දැනුනත් මන් වඩේ ගැන අහද්දි සඳූ මන් එයාට හෙල්මට් එක දාන්න නොදීපු එක අතෑරියා ද කොහේද..


" ඇයි මේතරම් වෙලා හිටියේ..? "

රංව දැකපු ගමන් අහයි කියලා හිතපු ප්‍රශ්නේ සඳූ දැන් අහනව.. මන් පෙට්ටි කට උල් කරලා මගේ අහිංසක පෙට්ටි හිනාව දැම්මා.. බොරු කියන එක ඉතින් රංට මහලොකු දෙයක් නෙවි.. ඒත් මට වැඩියෙන්ම ආදරේ අයට බොරු කියන එක රංට ටිකක් අවුල් යන වැඩක්..



" Endocrine system එක ගැන answer එකක් සර්ට කියලා චෙක් කරගන්න හිටියානේ සඳූ.. "




මන් දිවේ නොගෑවෙන්න කියපු බොරුව සඳූ පිළිගත්තා.. ඕශි කියුවේ.. ඇත්තටම අනිත් උන් සඳූට ඉරිසියයිලු.. එහෙම වෙන්න ඕන තරම් හේතු තියෙනෝලු..ඒත් මන් දන්නේ මගේ සඳු හිත ඇතුලින් කොච්චර බිඳිලද කියලා.. මගේ සදැස්.. අම්මා ළගට නොයා අප්පච්චි ළග ඉන්න කාපු කට්ට පිට උන් දන්නෑ.. එළියට පේන සීතල ගති ගුණ නිසායි..පවුලේ කිසි දෙයක් වෙන උන් කියන්නෙත් නැති නිසා.. වෙන්නැති අනිත් උන් සදැස් මේ ලෝකේ ප්‍රශ්න නැතිම කොල්ලෝ ගොඩට දානවා ඇත්තේ.. ඒත් මූට තියෙන ප්‍රශ්න එක්ක අඩුගානේ ලොකූගේ රංට හැරෙන්නවත් බෑනේ...

මළ හිරු බහින හැන්දෑව... ඒක පුදුම ලස්සනයි.. මන් ළගම ඉන්න.. සදැස් කියන පිරිමි පරාණේ වගේම..

සඳුයි මායි දෙන්නම හිටියේ කොටු තාප්පේ උඩ... කකුල් දෙක බිමට දාලා අපි මුහුදු හුළං වලට අපිව කපාගෙන ඔහේ ගහන් යන්න දුන්නා.. කරිජ්ජ සුවඳ නහයට දැනෙනකොට.. වටපිටේ හැම සද්දයක්ම නැවතිලා මුහුදේ කිරි පාට රළ බිඳිලා යන සද්දේ විතරක් මගේ කන් අතරේ රැව් දෙන්න ගත්තා..

සඳූ මට ආදරෙයි කියපු තැන... එතනම අපි දෙන්න වාඩි වෙලා හිටියා... දවස් වේගෙන් ගෙවිලා ගියත් මට දැනෙන්නේ සදැස් මේ දැන් මට මුලින්ම ආදරෙයි කියුවා වගේ හැඟීමක්..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now