06

839 152 16
                                    



මන් හොඳට දොර ලොක් කරලා කාමරේට ආවා...

මෙන්න යකෝ පුක්මන්තා මගේ කොට්ටේ උඩ !!! මුගේ මී මුත්තට !

බැහැපිය !! තොට මම... පාරට ගිහින් එද්දි මහසෝන් දිස්ටියක් පස්සෙන් ආවා... ඒ මදිවට දැන් මූ !! ර්‍ර්ර්...... මගේ ඇතුලේ ඉදපු අධි සංවේදී ගිනි කුකුළා අවදි උනා.. මන් එහෙම්ම අඩි හප්ප හප්ප ගිහින් ලොකු ජෝගුවට වතුර එකක් අරන් ආවා..

උබට යන්න කියුවට යන්න බැරි නම් තොට පෙන්නන්නම් මන්.. මේ සදෙව් එක එක බල්ලොන්ට බය නෑ !! ටවුමේ බල්ලත්
එකයි ගමේ බල්ලත් එකයි යකෝ මට !!

ර්‍ර්....ර්‍ර්...... රං ඇවිල්ලා යකා !!!

ඇති වෙනකන් කෑගහුවා.. ඒත් මේ පුක්මන්තා මාව ගනන් ගන්නැතුව හොඳට ගුලි වෙලා නිදි.. හරියට අර බකුසු මෑන් වගේ.. එව්වා කොහෙද.. මේ සදෙව්ව ගනන් නොගෙන ඉන්න එක කුරුමිට්ටෙක්ටවත් බෑ බොලව්... !!


සදැස් !!







ඊයා... උගේ නමේ කැත !!

ඊට ලස්සනයි අර තඩි ඌරගේ නම..!

මන් ලොකු අම්මට කියනවා ස්කෝලෙට යන්න වෙන පාරක් හදලා දෙන්න කියලා.. මට ඕන්නෑ එක එක බල්ලන්ගේ ලයින් බලන්න..


අපි නොදන්න මොණරතැන්න..

උන් කොහොමද මේ රංට පාට් එක දාන්නේ එහෙම.. ගමේ හිටියනම් බල්ලවයි බලු මිනිහවයි දෙන්නම පොකුනේ ඔබන්න තිබ්බා.. ර්‍ර් ර්‍ර්.. තඩි ඌරයි ඌරගේ බකුසු මිනිහයි !! මහලොකු ටවුමයි.. !

දෙපාරක් හිතුවේ නෑ බැන බැනම මන් වතුර ජෝගුව කොට්ටෙට අතෑරියම පුක්මන්තා උඩ ගිහින් ඇහැරුනා....

දැක්කනේ රං ට ලොකු සීන් දැම්මම වෙන දේ..!!! උබටත් එකයි අරූටත් එකයි... මේ රංට ඔක්කොම එකයි..


එච්චරයි !!


මන් පාරට ඇදන් ගියපු ශර්ට් එක ගලවලා පුටුව උඩට දැම්මා..

සදැස් ලවන්‍ය.....

උගෙන් මන් සම්පූර්න නම ඇහුවේ නෑනෙ...

මට එවෙලේ කියන්න තිබ්බේ සැක් අපරාදේ.. කලන්තේ දාපු එකනම් ඇත්තටම ටිකක් ලැජ්ජ හිතෙන කතාවක්.. ගමේ යාලුවෝ දැනගත්තොත් මන් බල්ලෙක් නිසා කලන්තේ දැම්මා කියලා ඕකුන් මැරෙනකම්ම හිනා වේවී.. ඔන්න සමන්ත දැන් කෝපි එකක් දාන්න....

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now