9 5 👥

385 95 97
                                    

මන් දුවලා ඇවිල්ලා කැශියර් එකට පැන්නා.. බළලා හෝන්දු මාන්දු උන එකෙක් වගේ ඔලුවත් කස කස බර කල්පනාවක..
මට එහෙම කෙනෙක් ගැන නිකන්වත් මතක නෑනේ.. සඳූ බූල්.. මන් දන්නෑ.. අඩුගානේ මට හිතන්න තිබ්බා ඌ වෙන කෙනෙක්ට මාව පටලවගෙන කියලා.. වැඩේ කියන්නේ හොස්පිට්ල් එකේදි දවස් ගනන් දිගටම මාව බලන්න ආපු එකා වෙන කෙනෙක් ට මාව පටලවගෙන කියලා හිතන්න තරම් රංගේ මොලේ තාම සමණල් ගැටේ ගැහුනේ නෑනේ..

කඩේ පිරිලා ඉදපු මිනිස්සු එකා දෙන්නා අඩු වෙලා යද්දි මන් හුස්මක් අරන් කැශියර් එක ළග තියලා තියෙන බංකුවෙන් වාඩි උනා.. තිබ්බ උණට කඩේ වැඩ කරන්න ආවට දැන් නම් හිතෙනවා ඇති වගේ.. කොල්ලෝ නම් හතර අතේ බෙදිලා එකෙක් බීඩියක් ගහනවා තව එකෙක් ෆෝන් එක ඇතුලේ සුරාජයා නම් ඉන්නවා නාග රාජයා වගේ... දිනේ.. ඌ මැච් එකක් බලනවද මන්දා.. ෆෝන් එක ඇතුලේ..

කටට ආපු සින්දු කෑල්ලකුත් සිවුරුහන් කර කර මන් ලාච්චුවේ සල්ලි ගණන් කරා.. නුවනයට වාසි.. එකතු වෙලා එනකොට දවසේ ආදායම පනහ පනිනවා.. ම සීයේ කොල විස්සේ කොල වෙන වෙනම මිටි බැන්දා.. ඒත් ඉතින් ලාච්චුවේ තියෙන සල්ලි ඔක්කොම උගේ නෙවිනේ.. මේක ඇරියස් වලටත් බෙදිලා බෙදිලා එද්දි කීයක් ඉතුරු වෙනවද මන්දා..

අද නුවනයා නැති නිසා අපි හවස හය හමාර විතර වෙනකොට කඩේ වහනවා.. රෑ වෙනකන් කියලා ඉන්නෙත් උපරිම උනොත් රෑ හත විතර.. නුවනයා මොළ කාරයා කඩේ කරත් ඌ මුලු පැය විසිහතරෙම මේකේ රැකන් ඉන්නෑ.. තව බිස්නස් කරනවා.. ඌ වෙලාවට උගේ වැඩ ටික කරගන්නවා.. අපි හතර එකතු වෙලා කඩේ වහලා යතුරත් උගේ ගෙදරට ගිහින් දීලා ආවා.. අමෝර් අමෝර් සීගිරි අප්සරාව.. පස්ස ලොකු එකී.. එහෙම කියන්න හොද නෑ රං උබටත් අක්කෙක් ඉන්නවා නේද.. මගේ හිත කෑගහලා කියද්දි මන් පෙට්ටි හිනාව දාලා ආවා.. අපරාදේ ඇහැකුත් ගහන්න තිබ්බේ උබට.. මොලේ කෑගහනවා.. බලහන් ඉතින් මන් සංවර වෙන්නේ කොහොමද කියලා.. සුරාජයා ඒකිව ඇහෙන් පෙන්නල මට පැනි බේරෙන හිනාවක් දැම්මා... එහෙම නෑ යකෝ මන් ලොකූගේ අහිංසකයා..ම්හුක්.. වරහන් ඇතුලේ තැම්පත්..හුම්

" මේ රං.. මන් උබෙන් සිරාවට අහන්නෙ.. උබට කෑල්ලක් හිටියේ නැද්ද..? "

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now