3️⃣9️⃣🌙

544 128 36
                                    


බත් එක හොඳට ඔතලා මන් සුදු පාට බෑග් එකකුත් දාලා ඒකේ එලියෙන් ලොකුවට සඳූ කියලා ලියලා අරන් ආවේ... ඒ විතරක් නෙවි සමන්ත ඒකේ ලොකුවට මන් ඇන්දා තඩි බස්සෙක්..!! සඳූ තරහ උනේ වැරදි කෙනා එක්ක හුම්..

දෙන්නම් මන් අද බකුසුවට...
රැජිනට යවනවා කෑ....ම ඒක...!!

මන් හීන් සැරේ බැහැලා කොමස් එක පැත්තට ආවා... වෙනදට ඉන්නේ කොනේම ක්ලාස් එකේ... ඒක තමා එයාගේ ක්ලාස් එක... තැන් තැන් වල උදෙන් ආපු ලූකලා බෙන්ජමින්ලා මොකක්ද හර කරන්න කතාව... මන් ඒවත් අහගෙනම ආවේ කොනේම ක්ලාස් එකට...

ලමයි ඇත බකුස් නැත... මන් ශේප් එකේ ඇතුළට ඔලුව දැම්මා... ලැජ්ජයි සමන්ත... මේ ලමයි දැන් මාව අදුරනවා ඉතින්.. ඒත් ටිකක් ලැජ්ජයි වගේ... අනේ ලොකූගේ රංගේ සූටි ලැජ්ජකාර සිත සමන්ත...

" අප්පට චූටී... අන්න බූල් ග්‍රවුන්ඩ් එකේ.. !! "

හේ හේ... ක්ලාස් එක ඇතුළට එබෙනකොටම කොල්ලෙක් ඇතුලේ ඉදන් කෑගැහුවා.. සික් මුන්ට කිසිම හැදියාවක් නෑ සමන්ත... පන්තිය ඇතුලේ ඉදපු සේරම ළමයි මගේ දිහාවට හැරුනා..


" අහ්හ්.. හරි හරි බන්.. "

" එනකොට බූල්ගේ බෑග් එක එවන්න කියුවා.. මෙන්න මේක..!! "


මූ බෑග් එක පන්තියෙන් තියලා ගිහිල්ලා මහ ඒජන්ත.. මන් දැන් මේකත් උස්සන් යමන්කෝ.. මන් ඒ කොල්ලට හිනා වෙලා බෑග් එක අතට ගත්තා.. යකෝ පුළුන් වගේ.. මන් බෑග් එක අතට අරන් බත් එක ඇතුළට දාන්න පොකට් එක ඇරියා.... තරු බිස්කට් එකකුයි පෙබල්ස් එකකුයි... මූ හැමදාම මේවා අරන් එනවද.. හරි අපූරුයි මට නොදී කන්න අරන් ආපු හැටි.. බකුසුපාල..  තරහටම තමා අරන් එන්න ඇත්තේ දුශ්ටකම..

මන් බෑග් එකත් පටියකින් එල්ලගෙන ග්‍රවුන්ඩ් එක ළගට ආවා..  බොටමයි ටී එකයි දාලා ඊට උඩින් ජර්සියකුත් දාලා.. බෝලයක් අතේ තියාගෙන ග්‍රවුන්ඩ් එකේ කොනටම වෙන්න පොඩි උන් ටිකකට උපදෙස් දෙනවා... ඒකත් පොඩි උන් ටික රවුමට වාඩි කරන් බකුසු මැද.. පොඩි  හයේ හතේ වගේ සෙට් එකක්.. උනුත් කට ඇරන් අහගෙන ඉන්නවා... අමෝර් අමෝර් හිච්චි කෝච් !! අපි නොදන්න මොණරතැන්න.. නේත සමන්ත...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now