6️⃣7️⃣ 💋

667 131 111
                                    

"  හපුතලේ දෙන්නා දෙපොලේ.... ඌහ්හ්හ්... "


මන් කන්ද උඩටම නැග්ගේ අන්තිම පඩියෙදි හෙන ගැම්මක් ගන්න ගමන්.. සතියක් විතර ගෙවිලා ගියා...ම්ම්ම්.. සතියක්.. !!

ඕශි කලින් පාර වගේ කොමස් ඩේ එකෙන් පස්සේ දවසේ කිසිම දෙයක් නොවුනු ගානට ස්කෝලේ ආවා..

උගෙන් උනු දේවල් අහන්න කිසිම එකෙක්ට ඕන උනේ නෑ.. පුදුමයි නේද සමන්ත...අඩුමගානේ ලොකූගේ රංටවත්.... අහන්න උනේ නැතුවටත් වඩා.. ඒක උගේ ලස්සන මූන දිහා බලන් හිතුනේ නෑ කියුව නම් හරි..

ඌ ඇස් වල කඳුලු පුරවගන්නවා බලන්න නල්ලෙටවත් මටවත් ජබ්බටවත් ඕන උනේ නැති නිසා...වගේම  අපි එකෙක්වත් පරණ දේවල් මතක් කරේ නැත්තේ මන් දුල්ශාන්ගේයි උගෙයි ප්‍රශ්න අහන්න ගිහින් පේන්නැති වෙන්නම ඇස් චූටි කරගෙන හිනා වෙවී කියව කියව  හිටපු ඕශියගේ මූන මුඩුමෙක් වගේ හිනා කඳුලක් නැති වෙච්ච නිසා...


ඉතින් අපි ඌම කියනකම් ඒ හැමදේම අමතක කරලා දැම්මත් ඕශියට අපි තුනෙන් එකෙක් නැතුව තනියම චූ කරන්නවත් යන්න දුන්නෑ.. දුල්ශාන් දකින හැමවෙලේම මරන් කන බැල්ම.. ජබ්බා ඌ දිහා බලන්නේ කුණුගොඩක් දිහා බලන්න වගේ..ර්‍ර්.. දැක්කම මලේ මල පනිනවා ඌව... වැඩේ කියන්නේ සමන්ත.. මන් ඌට දමාගෙන නෙලලත් ඌ ආයෙම මාත් එක්ක වලියට ආපු නැති එක.. හරිම පුදුමයි..!!



ළමයි සේරම ලැබ් එකට ගියේ මිස් අපිට එන්න කියපු නිසා.. ඒ අස්සේ මන් ආයෙම හැරිලා ක්ලාස් එකට එන්න ආවේ උදේ පොඩ්ඩක් හුස්ම ගනිද්දි පපුවෙන් සද්දයක් ආවා නිසා කුමාරි මැඩම් දාලා තිබුනු උනු වතුර එක අරන් යන්න..

සයන්ස් කියන්නේ වෙනම ලෙවල් එකක් නේ.. කිසිම සද්දයක් නෑ.. ලොකු බිල්ඩින් එකක් අනික... තට්ටු දෙකට ගහලා 13යි 12 යි දෙකම හිටියේ එකම බිල්ඩිමේ.. අපි උඩ උන් බිම.. කොමත් ඔය ඔලුව ලොකු දොස්තරලා සෙට් එක වැඩිය ස්කෝලේ එන්නෙත් නෑ.. අපි තමා තට්ටු දෙකන රන් කරන්නේ.. ලොකූගේ රංගේ වගේ තමයි ස්කෝලේ ම්හුක්.. සමන්ත උබට බැරි උනානේ  ගිහින් අරන් එන්න ඔය වතුර බෝතලේ.. සලකනවා මදිත යම්කෝ තොම්ට... බලහන් උබේ මස්සිනාට පාරු පදින්න වෙන්නේ කකුල් ගෙවුනු රං එක්කනේ දැන්.. ම්හුක්.. හිමීට කෝපි එක්ස්ක් හදපන් සමන්ත...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now