7️⃣0️⃣ 👨‍🦳

539 119 150
                                    


බැස ගියා ඉන් පසුද
අහසක..
සඳක් ගැන කවි ලිවීම.....
ප්‍රේමියේ..
ප්‍රේමයෙම හැටියකි..

නොලද මුත් තව බැඳීම......!!!

____________________________

ම්..ම්ම- ට..ඕන..ඕන ඕනමයි..!!!!!!

මාත් ආදරේ හොයනවා බන්..!

මාත් ආසයි ආදරේ කරන්න.. පපුවට තුරුල් කරගෙන ආදරෙයි කියලා කට රිදෙනකම්ම කියන්න..

කම්මුල් රතු වෙනකම් ඉඹින්න..!!

ඇයි මට අයිති නැත්තේ..?? W-why You Why is  not me ???

ඇයි උබට විතරක් අයිති උනේ..?? "

අපි දෙන්නම එක වගේ..බලපන් මේ බලපන්.. ඉස්සර පොඩි කාලේ උබයි මායි දෙන්නම එක වගේ. ලොකු වෙද්දි පෙනුම වෙනස් උනත් කී දෙනෙක් උබට මන් කියලා මට උබ කියලා රැවටුනාද..?  උබ වගේම මාත් නාහෙට අහන්නෑ..උබ වගේම මගෙත් ඉවසීම බිංදුවයි.. උබට වගේම මටත් ඕන හැමදේම තියෙනවා..උබ වගේම මාත් ඉන්නේ වෙනම ගෙදරක.. උබේ ඩඩා වගේම මගේ ඩඩාත් පොඩි වැරැද්දකට මාව පතුරු ගහනවා..!!

මොකක්ද වෙනස කියපන්..??

උබේ ඔය මළකඩ ඇස් වෙනුවට මට අළු ඇස් හම්බුන එකද.?

මට නැති උබට විතරක් තියෙන දේ.. මොකක්ද බූල්..?? "






සිහිය අසිහිය අතරට හිස් උනු වොඩ්කා බෝතල් මැදි වෙද්දි.. අලු පාට බළල් ඇස් එයාගේ ඉස්සරහම ක්ලබ් එකේ කොනේම තිබුනු මේසේ උඩ ඔලුව ගහගෙන.. හරිම නිවුනු තාලෙකින් හුස්ම ගන්න කෙනෙක් දිහාම බලාගෙන හිටියා... ඒ බළල් ඇස් අයිතිකාරයගේ අතේ තද උනු භාගෙට පිරුනු වීදුරුව තව තවත් ඒ ඇඟිලි අස්සේ හිර උනා..

අලු ඇස්.. ඝන ඇහිබැමට උඩින් තියෙන චූටි බර්ත්මාර්ක් එක.. ඝන ඇස් පිහාටු එයාටම ආවේණික කඩවසම් බවක් ගෙනත් තිබුනත්.. කිසිම කෙනෙක්ගේ අවධානේ ඔහුට ආවේ නෑ.. ඒ වගේම ඔහුගේ මේ දර්ශනය කිසිම කෙනෙක්ගේ පුදුමයට කරුණක් උනේවත් නැහැ.. ඒතරම්ම ඒ ක්ලබ් එකට මලිත රොනාල් වීරවංශ හුරු කෙනෙක්..!!

හැමදාම වෙරි වෙන්නම බොන බලපුලුවන්කාරකම වෑහෙන ඇමති තාත්තෙක්ගේ සල්ලිකාර පුතෙක්..


"අයිතිය තියෙන්නේ හඳට විතරයි.. රොනාල්..! "


බළල් ඇස් ඉස්සරහ ඉදපු ඒ නිව්නු රූපේ වචන අල්ලන්න ගත්තා... ශක්තිමත් ඇඟිලි දෙකක් අතරේ  දල්වපු සිගරට්ටුවක් දැවෙන්න අරන් තිබුනේ හරිම ඉක්මනින්.....

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now