1 1 ©

336 88 87
                                    


තනි සුදු පාටින් බැබළෙන විශාල මන්දිරේ නවීන මාදිලියේ රථවාහන වලින් පිරී ගිහින්.. සුදු පැහැ කොඩි මාර්ගය දිගටම අරක් ගෙන තිබෙද්දි ඇමති වීරවංශගේ උපතත් විපතත් සේම ඔහු දැයට කළ නිම කළ නොහැකි සේවයේ ගුණ වර්ණනාවන් සඳහන් කළ පෝස්ටර්ස් සහ විශාල බැනර් ඔහුගේ මැතිවරණ කොට්ඨාසය මුලු මනින්ම අරක් ගෙන..

" සඳූ මැණික.. ඔයාගේ හිත රිදෙන මොන දේ එතන උනත්.. ඔයා ඒ දේවල් ගැන මොනවත්ම හිතන්න යන්නෑ කියලා පොරොන්දු වෙනව ද..හිත රිද්දගන්නෙපා.. "

" ම්ම්.. "

BMW SUV  රථය  සුදු පැහැ කොඩි වලින්ම සැරසුනු පටු මාර්ගයට හැරවූවා.. සඳැස් රියදුරු අසුන හොබවද්දි ඔහුට පසෙකින් සදෙව් සිටියේ අනාගතයේ සිදුවීය හැකි සිදුවීම් ගැන හිතන ගමන්...

කැබ් එකේ කෙලින්ම ගෙදරට ආපු සදැස් ටෝබිව ගෙදරට දාලා තාත්තගේ වාහනේ අරගෙන ෆියුනරල් එකට ආවා.. හිතේ දෙගිඩියාව කොයිතරම් උනත් එයාගේ හැඟීම් සුපුරුදු පරිදි සදෙව්ගෙන් හංගන් උන්නේ අනවශ්‍ය විදියට චූටිව කලබල කරන්න තිබුනු අකමැත්ත නිසාමයි.. නමුත් දැනටමත් ඉවෙන් වගේ සදෙව් උන්නේ මේ දේවල් දැනගෙන..



" බහින්න චූටි.. මිනා ඉන්නවානේ.. මගේ චූටි කලබල වෙන්නෙපා...ම්ම්..."




සදැස් මොහොතකට නතර වෙලා එහා සීට් එකේ ඉදපු චූටිගේ ඔලුව මෘදුව අතාගන ගමන් කියද්දි චූටි හිස ඉහළ පහල කලා..

රටෙම අස්සක් මුල්ලක් නෑරම සෙනඟ ඇමති මන්දිරේ සිසාරා රැස් වෙලා හිටියේ.. තනි සුදු පැහැ ජාතික ඇඳුම් වලින් සැරසුනු රූපවාහිනියේ පමනක් දක්නට ලැබෙන ඉහළ පැලැන්තියේ බොහෝ දෙනෙක් තැන් තැන්වල ඔහුන්ගෙම සාකාච්චාවල..නළු නිළියෝ ව්‍යාපාරිකයෝ සංගම් සභාපතිවරු.. පොදි ගැහිලා..

විශාල කැමරා උස්සගෙන එන හැම පුද්ගලයෙක්ගෙම තොරතුරු අහන මීඩියා කාරයෝ වගේම විව්ධ සංගම් වල සාමාජිකයෝ ආදි සියල්ලන්ගෙම ඇමති මන්දිරේ වැසී ගොස්.. අවමංගල්‍ය උත්සවයකටත් වඩා මෙය  දැන්  පුවත් මවන මිතුරු හවුලක් සේයි..


" ඔව් අපට දැන් දැකගන්න පුලුවන්..  ව්‍යාපාරික  ධනකුවේරයෙකු වන ඇලෙක්සැන්ඩර් මහත්මයාගේ පුත් වියෝ වූ ඇමති වීරවංශ මැතිදුන්ගේ අවමංගල්‍යට සහභාගී වන අයුරු.. "

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Waar verhalen tot leven komen. Ontdek het nu